2024 නොවැම්‍බර් 21, පෙ.ව. 12:03
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ 10 වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා අද (21) උදෑසන 09.00 පමණ වනවිට සියලු මංත්‍රීවරුන්ට පැමිණෙන ලෙස දැනුම් දී ඇතිබව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහනධීර මහත්මිය පැවසුවාය.
පෙරවරු 10.00ට නව සභාවාරය ආරම්භ වීමට නියමිතයි.
පළමු සභා වාරයේදී මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමක් සිදු නොවන බව ලේකම්වරිය පැවසුවාය.ඒ අනුව රිසි අසුනක මන්ත්‍රීවරුන්ට අසුන් ගත හැකි ය.
සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
පළමුව නව කතානායකවරයා තෝරා පත් කර ගැනීම සිදුවෙයි. පළමුව කතානායකවරයා දිවුරුම් දීම පාර්ලිමේන්තු සම්ප්‍රදායයි. මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදුවන්නේ ඉන් අනතුරුවයි.
නියෝජ්‍ය කතානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත්කර ගැනෙන්නේ පාර්ලිමේන්තු ඡන්දයෙන් බව ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.
පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්තීරණ සඳහා වන වරප්‍රසාද පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
2026 ජනවාරි 02, පෙ.ව. 12:36
2026 ජනවාරි 02, පෙ.ව. 12:33
2026 ජනවාරි 02, පෙ.ව. 12:28
2026 ජනවාරි 02, පෙ.ව. 12:26
2026 ජනවාරි 02, පෙ.ව. 12:24
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25