hit counter

2025 ජනවාරි මස 08 වන බදාදා

2025 ජනවාරි 07, පෙ.ව. 12:08



වැල්ලවාය අධ්‍යාපන කලාපයේ කනිෂ්ඨ විද්‍යාලය සිසුන්ගේ ආහාරය සඳහා බත් සහ ව්‍යංජන වෙනුවට තිරිඟු පිටි රොටි සහ රටඉඳි ලබා දී තිබේ.

සහල් හිගය ඊට හේතුව වී ඇතැයි ඒ පිළිබඳව විමසූ විට කොන්ත්‍රාත්තුව භාරගත් කාන්තාව සදහන් කර සිටියාය.

දෙබරර කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් 121ක් වන අතර කොන්ත්‍රාත්කරු විසින් එළවළු, මස්, මාළු හෝ බිත්තර සහ පලතුරු ඇතුළු බත් සහ ව්‍යංජන සමබර ආහාර වේලක් සැපයිය යුතුය.

කෙසේ වෙතත් ඇය පසුගිය සිකුරාදා රොටී සහ රටඉඳි ලබා දී ඇති අතර දෙමාපියන්ගෙන් ලැබුණු පැමිණිලි මත සිද්ධිය විමර්ශනය කිරීමට විදුහල්පතිවරයා කටයුතු කර තිබේ.

සහල් සපයා ගන්නා සහල් මෝල වසා දමා ඇති බවත් ඒ හේතුවෙන් රොටී සහ රටඉඳි ලබාදීමට සිදුවූ බවත් කොන්ත‍්‍රාත්කාරිය සදහන් කර ඇත.

වැඩිදුර විමර්ශනවලින් අනතුරුව කොන්ත්‍රාත්කරුට එරෙහිව පියවර ගන්නා බවත් විදුහල්පතිවරයා පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: