hit counter

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි 13, පෙ.ව. 12:12



විදුලි බලය හදිසියේ බිඳ වැටීම එක සිදුවීමක් පමණක් බවත් එය සැමදාම පවතින විදුලි බිඳ වැටීමක් නොවන බවත් කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

එම බිඳවැටීම සිදු වී ඇති ආකාරය සම්බන්ධයෙන් විදුලි බල අමාත්‍යවරයා මෙන්ම විදුලි ක්ෂේත්‍රයේ විද්වතුන්ද ඉතා හොඳ පැහැදිලි කිරීමක් කර ඇති බවද ඔහු පැවසීය.

එය කිසිවකු විසින් හිතා මතා කරන ලද්දක් හෝ ආණ්ඩුවක අසාර්ථකභාවය නිසා සිදුවූ දෙයක් නොවන බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

මෙවන් සුළු සිදුවීමකට ඇමතිවරුවරයා ඉල්ලා අස්විය යුතු නැති බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

රට පුරා විදුලිය බිඳ වැටීම ගැන මාධ්‍ය කල විමසීමේදී අමාත්‍යවරයා මෙම අදහස්
පල කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: