hit counter

2025 පෙබරවාරි මස 22 වන සෙනසුරාදා

2025 පෙබරවාරි 22, පෙ.ව. 12:27



ඉන්දියාවේ අදානි සමග ඇති කරගත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන්වී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.

අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය මගින් විදුලි ඒකකයක් වෙනුවෙන් ඉල්ලා ඇති මුදල වැඩි අගයක් ගැනීම එම කටයුතු අවසන් වීමට හේතු වූ බවත් ඊට වඩා අඩු මුදලට විදුලිය සම්පාදනය කිරීමට වෙනත් සමාගමක් කැමැත්ත පළ කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

“විදේශීය ආයෝජකයන්ගෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් අපි බලාපොරොත්තුවෙන්නේ ජාතික අවශ්‍යතාවයන්ට අනුව අපේ රටේ ජනතාවට ඒ සේවාවන් සාධාරණ මිලකට ලබාදෙන්න පුළුවන්ද කියලා. අපේ ආණ්ඩුව පත්වුණාට පස්සෙ සාකච්ඡාව තිබුනේ ව්‍යාපෘති කැන්සල් කරන්න නෙමෙයි. මේ විදුලි මිල ගණන් අඩු කිරීමටයි.

ඒකට හැකියාවක් ලැබුණේ නැහැ. ඒකට ප්‍රධාන හේතුවක් වුණා ඒ අය ඉවත්ව යන්න. වෙනත් සමාගමක් ඊට වඩා අඩු මුදලකට විදුලිය සම්පාදනය කිරීමට කැමැත්ත පළ කරලා තියෙනවා. සමහරු බැර කරන්න හදනවා මේ ආණ්ඩුව ආවට පස්සේ ආයෝජකයෙක් ගියා කියලා. මෙක කිසිසේත්ම ආයෝජකයෙක් යෑමක් නෙමෙයි. තවත් ආයෝජකයන් එනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: