2025 පෙබරවාරි 27, ප.ව. 5:08
            
අරගල සමයේ හානි වූ නිවාස සඳහා වන්දි ලබා දුන් තවත් පිරිසකගේ නම් සහ වන්දි මුදල් ප්‍රමාණය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද පැවසුවා.
ඒ අද (27) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
ඒ අනුව, කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා රුපියල් ලක්ෂ 696ක් වන්දි ලෙස ලබාගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
එමෙන්ම මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු රුපියල් 73,044,000ක් ද, ඔහුගේ පුතාවන රමේෂ් චානක ප්‍රනාන්දුට රුපියල් 1,888,300ක් වන්දි ලෙස ලබාගෙන ඇති බව ඔහු පැවසුවා.
තවද, නොම්බර 246, ඉසුරුපුර, නිදහස් මාවත, අනුරාධපුර දේවාලයේ ඩබ්ලිව්. එම්. ඥාණවතී රුපියල් ලක්ෂ 280ක් වන්දි ලබා ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
”කොමිෂන් 14ක් දාලා කොමිෂන් වලට වියදම් කරලා තියෙනවා ලක්ෂ 5301ක්. ඒ 14න් ක්‍රියාත්මක කරලා තියෙන වාර්තාවේ වන්දි දෙන්න විතරයි. වන්දි දෙන එකේ මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට මිලියන 1221කුයි. හිතවතුන්ට දෙන්නේ 1125කුයි වියදම් කරලා තියෙනවා.
මෙහෙම තමයි කොමිෂන් සභා දාලා වියදම් කරලා තියෙන හැටි. අවසානයේ ඒක විතරයි කරලා තියෙන්නේ. මේ රටේ ජනතාවට වැදගත් වන පාස්කු ප්‍රහාරය ගැන හරි රාජ්‍ය මුදල් අවභාවිතාව ගැන හරි මේ ආදී දේවල් ගැන නෑ. අර කොමිෂන් දාලා තියෙන්නේ මොකටද? ඒ මොහොතේ පැන නගින දේශපාලන උද්ඝෝෂණය යට කරන්න මිසක් ඇත්ත වුවමනාවකට නෙමෙයි. ඒකටත් ලක්ෂ පන්දාහකට වඩා වියදම් කරලා තියෙන්නේ.”
                                                        2025 නොවැම්බර් 04, ප.ව. 2:50
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:07
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25