2025 පෙබරවාරි 28, ප.ව. 3:41
හිටපු ජනාධිපතිවරුන් විවිධ අපරාධ සිදුකිරීම සඳහා පාතාල සාමාජිකයන් යොදාගෙන ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල අද පාර්ලිමේන්තුවට පැවසීය.
“දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ගෝනවල සුනිල් යොදාගෙන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ නිවසට ගල් ගැසුවා. දිවංගත ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට පාතාල පුද්ගලයන් යොදාගත්තා. රිචඩ් ද සොයිසා පිළිබඳ රාණි චිත්‍රපටය අද තිරගත වෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කියන්න කැමතියි මේ චිත්‍රපටය රහසිගතව නරඹා ඔහුගේ පියා ජනාධිපති ධුරය දැරූ කාලය තුළ ඔහු කළේ කුමක්දැයි සොයාබලන්න කියලා,” යැයි නියෝජ්‍ය ඇමැති වටගල පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාතාල සාමාජිකයන් වන ජුලම්පිටියේ අමරේ සහ වම්බොට්ටා සමඟ සම්බන්ධ ගනුදෙනු කළා. ජුලම්පිටියේ අමරේ එක කාලයක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ආරක්ෂකයා ලෙස කටයුතු කළා” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26