hit counter

2025 මාර්තු මස 04 වන අඟහරුවාදා

2025 මාර්තු 04, ප.ව. 4:17



මෑත ඉතිහාසයේ වැඩිම, අවම වැටුප් වැඩිවීම ලබා දුන්නේ ජාතික ජන බලවේග රජය බවත්, වෘත්තීය සමිති බහුතරයක් නියෝජනය කරන ආණ්ඩුවක් මේ රටේ වැඩකරන ජනතාවට අසාධාරණයක් වීමට ඉඩ තබන්නේ නැතැයි, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (04) පාර්ලිමේන්තුවේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින්.

රජයේ රැකියාවලට 30,000ක් බඳවා ගැනීමට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 10,000ක් වෙන් කර ඇති බවත්, පෞද්ගලික අංශයේ සේවකයන්ට තිබූ රුපියල් 17,500ක අවම වැටුප එළඹෙන අප්‍රේල් මාසයේ සිට රුපියල් 27,000ක් වන බවත්, ලබන ජනවාරි මාසයේ ලබා දෙන රුපියල් තුන්දහස සමඟ එය රුපියල් 30,000 දක්වා ඉහළ යන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියා.

එමෙන්ම වතු ක්ෂේත්‍රයට රුපියල් 1350ක අවම වැටුපක් ඇති බවත්, ඔවුන්ට සහන ලබා දීම සම්බන්ධයෙන්ද වතු ක්ෂේත්‍රය සමග සාකච්ඡා සිදු කරමින් යන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: