2025 මාර්තු 06, පෙ.ව. 12:13
නාමල් රාජපක්ෂ යනු මෙරට බංකොලොත් කරමින් ලෝකය ඉදිරියේ ලැජ්ජාවට පත් කළ දේශපාලනයක උරුමක්කාරයෙක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසනවා.
ඊයේ (05) කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
මෙවර පළාත් පාලන ඡන්දයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට 10%ක හෝ ඡන්ද ප්‍රතිශතයක් ගැනීමට නොහැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව අජිත් පී. පෙරේරා මහතා තවදුරටත් සඳහන් කළා.
“නාමල් මහත්මයාට උත්සාහ කරන්න පුළුවන්. අපි සුබ ප්‍රාර්ථනා කරනවා. හැබැයි මේ රටේ සාමාන්‍ය ජනතාව ගාවට ගිහිල්ලා ඡන්දයක් ගන්න විදිහක් නැහැ. බිම් මට්ටමේ අපේක්ෂකයින් හොයාගන්න පුළුවන්කමකුත් නැහැ. ඔහු සමඟ හිටපු බොහෝ දෙනෙක් ස්වාධීන කණ්ඩායම් හොයන්න බලනවා. නැත්තන් අපිට එකතු වෙන්න උත්සාහ කරනවා.අපි හැම කෙනාම එකතු කරගන්නේ නැහැ අනෙක් කණ්ඩායම් අපි එකතු කරගන්නේ ගමක ඉන්න ගුණවත් වැදගත් දූෂණයෙන් තොර අය පමණයි.පොහොට්ටුවෙන් ඉල්ලලා බිම් මට්ටමේ ජයග්‍රහණයක් ලබන්න බැහැ. ”
2026 ජනවාරි 07, ප.ව. 2:18
2026 ජනවාරි 07, පෙ.ව. 10:29
2026 ජනවාරි 07, පෙ.ව. 8:36
2026 ජනවාරි 07, පෙ.ව. 8:27
2026 ජනවාරි 07, පෙ.ව. 12:30
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
06-01-26
06-01-26
06-01-26
06-01-26