2025 මාර්තු 07, ප.ව. 12:05
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අල්ජසීරා රූපවාහිනිය පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණි. Head to Head නම් වූ විශේෂාංගයේ ආරාධිතයා වශයෙනුයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ව සිටියේය.
මෙම සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ බ්‍රිතාන්‍ය – ඇමරිකානු මාධ්‍යවේදියෙකු වූ මෙහ්දි රාසා හසන් විසිනි. අවුරුදු 45ක් වයසැති මෙහ්දි රාසා හසන් කලක් අල්ජසීරා සමඟ කටයුතු කළ ඔහු ඉන් ඉවත්ව ගොස් යලිත් ඒ සමඟ එක්වුණේ 2024 ජුනි මාසයේ දී ය. ඒ Head to Head වැඩසටහන මෙහෙයවන්නා ලෙසයි.
සම්මුඛ සාකච්ඡා දෙකක් සමඟ අල්ජසීරා වෙත එක්වූ හසන් ඉන් එකක් ඊශ්‍රායල ඉතිහාසඥ බෙනී මොරිස් සමඟත් අනෙක ඩෙන්ග් ෂියාඕපින්ගේ හිටපු පරිවර්තක වික්ටර් ගාඕ සමඟත් පවත්වනු ලැබීය. ඒ 2024 ජූලි මාසයේ දී ලන්ඩනයේ කළ පටිගත් කිරීමකිනි.
මෙහ්ඩි රාසා හසන් ප්‍රගතිශීලී විකාශකයෙකු සහ ලේඛකයෙකු ලෙස පිළිගැනීමට ලක්ව ඇති අයෙක් වන අතර මාධ්‍ය සමාගමක් වන Zeteo හි නිර්මාතෘ වේ. 2020 ඔක්තෝබර් සිට Peacock හි සහ 2021 පෙබරවාරි සිට 2023 නොවැම්බර් මාසයේ දී වැඩසටහන අවලංගු කරන තෙක් ඔහු MSNBC හි The Mehdi Hasan Show ඉදිරිපත් කළේය. 2024 ජනවාරි 7 වන දින අවසන් විකාශනයේ දී ඔහු MSNBC හැර යන බව නිවේදනය කළ අතර 2024 පෙබරවාරි මාසයේ දී තීරු රචකයෙකු ලෙස ද The Guardian හා සම්බන්ධ වුණි.
ඔක්ස්ෆර්ඩ්, ක්‍රයිස්ට් චර්ච් හි උපාධිධාරියෙකු වන හසන් සිය රූපවාහිනී ජීවිතය ආරම්භ කළේ ITV හි වැඩසටහන් පර්යේෂකයෙකු ලෙසයි. පසුව ඔහු එහි නිෂ්පාදකයෙකුද ලෙස සේවය කළේය. BBC, Sky, Channel 4 ආදී ආයතන ගණනාවක සේවය කළ මෙහ්ඩි රාසා හසන් Win Every Argument හි කතුවරයා වන අතර හිටපු කම්කරු පක්ෂ නායක එඩ් මිලිබෑන්ඩ්ගේ චරිතාපදානයක සම-කර්තෘවරයා ද වේ.
අල්ජසීරා විකාශය කළ වැඩසටහනේ දී මෙහ්ඩි රාසා හසන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේ “පාර්ලිමේන්තුව විසින් ඔබ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත් කළා. ඔබ ආර්ථිකය ස්ථාවරත්වයකට ගෙන ආවා. ඔබ රටේ 70%ක උද්ධමනය 1.3%ක් දක්වා පහළට ගෙන ආවා වසරක් තුළදී. නමුත් ඔබ පසුගිය සැප්තැම්බරයේ පැවති ජනාධිපතිවරණයේ පරාජයට පත්වුණා. ඒ තරම් හොඳ වාර්තාවක් තැබූ ඔබ ශ්‍රී ලාංකික ජනතාව විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම ගැන ඔබට මොනවද හිතෙන්නේ?” යනුවෙනි.
ඊට පිළිතුරු දුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ “මම පරාජය වුණේ මොකද කියලා පැහැදිලි කරන්න මට මෙතනට ආවේ නැහැ. නමුත් මම සතුටු වෙනවා මට පැවරුණු කාර්යය ඉටුකිරීමට හැකිවීම ගැන” යනුවෙනි.
මෙම සම්මුඛ සාකච්ඡාවේ දී හසන්ගේ ප්‍රශ්න වෙත පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා කෝප ගැන්වී සිටි බවක් පෙනෙන්නට තිබූ අතර ජාත්‍යන්තර ක්ෂමා ආයතනය, යුරෝපා සංගමය, මෙරට කතෝලික සභාව ආදී ආයතන කිහිපයක් ගැන සිය අකමැත්ත ප්‍රකාශ කර තිබුණි.
බටලන්ද කොමිසම පිළිබඳව හිටපු ජනාධිපතිවරයාගෙන් හසන් ප්‍රශ්න කළ විට ඔහු දුන් පිළිතුර පිළිබඳව විවිධ අදහස් දක්වෙමින් තිබේ.
මෙරට ආගමික නායකයා ලෙස පිළිගනු ලබන්නේ කාදිනල් හිමිවත් වෙන කිසිවකුත් නොව මල්වතු නාහිමියන් බවට තමා සිදුකළ ප්‍රකාශය “අල් ජසීරා“ රූපවාහිනී සේවය සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවේ ප්‍රචාරය කර නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
කොළඹ 07, මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයයේ ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.
තමා සමග අල් ජසීරා රූපවාහිනී සේවය කරන ලද සම්මුඛ සාකච්ඡාව එම නාළිකාව විසින් ඊයේ (06) විකාශනය කළ බවත්, මෙම සම්මුඛ සාකච්ඡාව පැය දෙකක් පැවැත්වුවද ප්‍රචාරය කරනු ලැබුවේ පැයක කාලයක් පමණක් බවද ඔහු පැවසීය.
“මේ සම්මුඛ සාකච්ඡාවේදී මම කරපු සමහර හොඳ කතා තිබුණා ඒවා දාලා නෑ. ඒ ඔක්කොම ප්‍රචාරය කරා නම් මීට වඩා වෙනස් තත්ත්වයක් තියේවි. එම සාකච්ඡාවේදී මට නම් තුනක් දුන්නා. අම්බ්‍රිකා සත්‍යනාදන් මැතිනිය මෙහි හිටියේ. මම එතුමිය එයි කියලා මම බලාපොරොත්තු වුණා. පස්සේ ලබාදුන්නේ රාසරත්නම් නමැති කාන්තාවක්. ඇයගේ ස්වාමි පුරුෂයා ඇන්ටන් බාලසිංහම්ගේ උපදෙස් දුන්නු පුද්ගලයෙක්. ඇත්ත වශයෙන්ම එල්.ටී.ටී.ඊ. එකේ හිටපු දෙන්නෙක් දාලා හිටියා.
මේ රටේ බහුතරයක් ඉන්නේ බෞද්ධයෝ. අපේ බෞද්ධයන්ගේ ප්‍රධානියා මල්වතු නාහිමියන්. අනෙක් ආගමික නායකයන් කාදිනල්ලා වෙන්න පුළුවන්, බිෂොප්ලා වෙන්න පුළුවන් ඔවුන් ඉන්නේ ඒ යටතේයි. මොකක් හරි හේතුවකට එය පළවුණේ නෑ’’ යැයිද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
2025 අප්‍රේල් 22, ප.ව. 2:28
2025 අප්‍රේල් 22, පෙ.ව. 10:20
2025 අප්‍රේල් 22, පෙ.ව. 10:15
2025 අප්‍රේල් 22, පෙ.ව. 10:07
2025 අප්‍රේල් 22, පෙ.ව. 10:04
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25