hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 12, පෙ.ව. 12:20



මෙරටට ආනයනය කළ වාහන 196ක් යළි ප්‍රතිඅපනයන කිරීමට සැළසුම් කර ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

වාහන ආනයනයේදී රජය විසින් පැනවු රෙගුලාසි උල්ලංඝණය කර, ව්‍යාජ නිෂ්පාදිත දිනයන් සටහන් කරමින් එම වාහන සංඛ්‍යාව මෙරටට රැගෙනවිත් ඇති බවටයි වාර්තා පළ වුණේ.

කෙසේ වෙතත් එම වාහන නියමිත රේගුලාසිවලට අනුකූලව ගෙන්වා ඇති බවත් ප්‍රතිඅපනයනය කිරීමේ සූදානමක් නොමැති බවත් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: