2025 මාර්තු 22, පෙ.ව. 12:24
අවශ්‍යනම් ආණ්ඩුවකට රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි නොකර සිටීමටත්, යම් දීමනාවක් ලබා දී සිටීමට පුළුවන්කම තිබූ නමුත් මූලික වැටුපම වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කළ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,. දුප්පත් භාවය තුරන් කිරීම ඇතුළු ප්‍රශ්න ගණනාවකට විසැඳුම් සෙවිය යුතුව තිබෙන් බවත් ආර්ථික ස්ථායීකරණය මෙන්ම සංවර්ධනය ඉලක්ක කර ගනිමින් කටයුතු කරන බවයි.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අනිල් ජයන්ත මහතා :
“ඕන්නම් ආණ්ඩුවකට රාජ්‍ය සේවයේ වැටුප් වැඩි නොකර ඉන්නත් යම් දීමනාවක් දීලා ඉන්නත් පුළුවන්කම තිබූ නමුත් මූලික වැටුපම වැඩි කරන්නට ආණ්ඩුව කටයුතු කළා.
රට ස්ථායිකරණ වැඩපිළිවෙළ අයවැයෙන් ප්‍රමුඛත්වය ගෙන තිබෙනවා.එමෙන්ම දුප්පත් භාවය තුරන් කිරීම ඇතුළු ප්‍රශ්න ගණනාවකට විසැඳුම් සෙවිය යුතුව තිබෙනවා.ආර්ථික ස්ථායීකරණය මෙන්ම සංවර්ධනය ඉලක්ක කර ගනිමින් අප කටයුතු කරනවා.තිරසර ප්‍රමාණවත් ආර්ථික වෘද්ධියක් අපට අවශ්‍යයි.අවුරුදු දහයක ආර්ථික වෘද්ධිය විනාශ කර දමා තිබුණා. ඍන මට්ටමේ තිබූ ආර්ථික වෘද්ධිය කෙටි කාලයක් තුළ ධන 5.2ක් ලෙස ඉදිරියට ගන්න අපට හැකි වුණා. එමෙන්ම අප ඉතා සූක්‍ෂම ලෙස ණය කළමනාකරණය කරමින් සිටිනවා”
2025 මාර්තු 22, පෙ.ව. 12:31
2025 මාර්තු 22, පෙ.ව. 12:29
2025 මාර්තු 22, පෙ.ව. 12:24
2025 මාර්තු 22, පෙ.ව. 12:24
2025 මාර්තු 22, පෙ.ව. 12:23
22-03-25
22-03-25
22-03-25
22-03-25
22-03-25
22-03-25
22-03-25
22-03-25
21-03-25
21-03-25
21-03-25
21-03-25
20-03-25
20-03-25
20-03-25
20-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25