2025 අප්‍රේල් 08, පෙ.ව. 12:23
මේ රට මහා පෞරුෂත්වයක් තිබුණ, අභිමානවත් රටක් වුවද වත්මන් නායකත්වය හමුවේ ශ්‍රී ලංකාව අන්ත අසරණ භාවයකට පත් වී ඇතැයි සර්ව ජනබල පක්ෂයේ නායක, නීතිඥ දිලිත් ජයවීර පැවැසීය.
ඔහු එසේ පැවසුවේ, එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී සර්වජන බලය පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කරන අපේක්ෂක අපේක්ෂිකාවන් හා කණ්ඩායම් නායක නායිකාවන් මෙන්ම ආසන සංවිධායකවරුන් සඳහා තම පක්ෂයේ ඉදිරි ක්‍රියාකාරකම් හා ප්‍රතිපත්ති ප්‍රකාශ පිළිබඳව දැනුවත් කිරීම සඳහා කළුතර සිට්රස් හෝටලේ පැවති දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
වැඩිදුරටත් අදහස් පළ කළ හෙතෙම මෙසේද පැවැසීය.
“ශ්‍රී ලංකාව කියන්නේ මහා පෞරුෂත්වයක් තිබුණ අභිමානවත් ජාතියක් හිටපු රටක්. අසල්වැසි ඉන්දියාවේ ඇති වැදගත්කම අපි දන්නවා, ඉන්දියාව කියන්නේ ආර්ථිකව මහා බලවත් විශාල රටක් ඒ අය ඔවුන්ගේ ස්වදේශිකත්වය මත පිහිටලා තමයි කෝටි හතරකට වැඩිය ජනතාවක් මෝදි අගමැතිතුමා විසින් මෙහෙයවන්නේ පාලනය කරන්නේ, නමුත් අපි අන්ත නෝන්ජල් රටක් හැටියට ගිහිල්ලා ආධාර උපකාර ගන්න මේ රටේ නායකයන් කටයුතු කරනවා.
අපි ඉන්දියානු රාජ්‍යයක් හෝ වෙනත් රාජ්‍යයක් එක්ක ගනුදෙනු කරනවා නම්, ජාතික පෞරුෂත්වය රැකගෙන, සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ යන මේ සියලු ජාතීන් එකමුතුව කටයුතු කළ යුතුයි. අපි ආරක්ෂා කරගත යුතු පෞරුෂත්වය බිඳින්න කාටවත් ඉඩ දෙන්න බැහැ. මේ අවලාද සහිත බාල හීනමානයෙන් යුක්ත අය නිසා තමයි මේ රට මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ.
ලෝකය පුරා ප්‍රසිද්ධ වෙලා තිබුණා ශ්‍රී ලංකාව කියන අභිමානවත් ජාතිකත්වයක් තිබුණ රට දැන් දුර්වල රාජ්‍යයක් (weak State ) වීක් ස්ටේට් එකක් බවට පත්වෙලා ඉවරයි.
දුර්වල රාජ්‍යයක ලක්ෂණයක් තමයි රට හැදීම පිළිබඳව ඉදිරි සැලැස්මක් නැහැ. නිශ්චිත වැඩපිළිවෙළක් නැහැ. ඒ නිසා අනාගත දැක්මකුත් නැහැ, ජනතාව සමග බද්ධ කරන නිශ්චිත වැඩපිළිවෙළක් මේ අයට ඇත්තේ නැහැ, මේගොල්ලන්ට ඕන වුණේ දිනන්න විතරයි,
අත්දැකීම් නොමැතිකමත් එක හේතුවක්. කිසිම අත්දැකීමක් නැහැ. තමන් ජීවිතේට බදු ගෙවලා නැත්තං, රස්සාවක් කරලා නැත්නම් ආදායම් ලබාගන්නේ කොහොමද කියලා, දන්නේ නැත්නම්, ආදායම් ලබා ගන්නකොට, වියදම් තියෙනවා. ආදායම් උඩින් තියෙනවා, යටින් වියදම් තියෙනවා, ඒකට කියන්නේ ලාභය කියලා, ඔවුන් දන්නේ නැහැ මේක. ඔවුන් දන්නේ ලාභය විතරයි.
අද ලංකා ඉතිහාසයේ ඉතා සුවිශේෂ වැදගත්කමක් ඇති දවසක්. අපේ අසල්වැසි ඉන්දියාවේ අගමැති මෝදි ඔහුගේ ආරක්ෂාව ඔහුම බලාගෙනයි ඇවිත් තියෙන්නේ, අපේ ජාතික ආරක්ෂාව පිළිබඳව ඔවුන්ට විශ්වාසයක් නැහැ,
මෝදි අගමැතිවරයා මේ රටට ඇවිල්ල පෙන්නන්නේ එය. අපට කියන්න දෙයක් නැහැ, ඔබේ රටේ දර්ශනය මොකක්ද කියලා ඇහුවොත්, රට හදන වැඩපිළිවෙළ මොකක්ද කියලා ඇහුවොත්, රට හදන වැඩපිළිවෙළක් තියෙනවද කියලා ඇහුවොත්, අපට කියන්න දෙයක් නැහැ, මේ අයට ඒවට දෙන්න උත්තර නැහැ.
සර්වජන බලය පක්ෂය විතරයි රටේ කවුරුවත් දූෂණ චෝදනා හෝ අඩුපාඩු කියන්නේ නැති දොස්නගන්නෙ නැති එකම පක්ෂය. ඒ නිසා ඔබලාට අභිමානවත්ව ගෙයින් ගෙට ගිහිල්ලා කොට්ඨාස මට්ටමෙන් ජනතාවට කරුණු කියන්න පුළුවන්.
සර්වජන බලය පක්ෂයට ඕනෑම කෙනෙකුට එකතු වෙන්න පුළුවන්. 2029 අවුරුද්ද වෙනකොට මේ රටේ බලය හිමි කරගන්න එකම පක්ෂය සර්වජන බලය කියලත් මම පැහැදිලිව කියනවා.”
කළුතර දිස්ත්‍රික්කයේ සර්වජන බලය පක්ෂය වෙනුවෙන් මැතිවරණ සටනට ඉදිරිපත් වී සිටින අපේක්ෂක අපේක්ෂිකාවන් ඇතුළු අතිවිශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
2025 අප්‍රේල් 08, ප.ව. 12:13
2025 අප්‍රේල් 08, ප.ව. 12:07
2025 අප්‍රේල් 08, පෙ.ව. 10:22
2025 අප්‍රේල් 08, පෙ.ව. 10:16
2025 අප්‍රේල් 08, පෙ.ව. 12:25
08-04-25
08-04-25
08-04-25
08-04-25
08-04-25
08-04-25
08-04-25
08-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
07-04-25
06-04-25
06-04-25
06-04-25
06-04-25
05-04-25
05-04-25
05-04-25
05-04-25