hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2025 අප්‍රේල් 10, ප.ව. 3:40



ට්‍රම්ප් පරිපාලනයේ නව තීරුබදු යෝජනා පිළිබඳ CNN පුවත් සේවයේ සාකච්ඡාවකදී ශ්‍රී ලංකාව අනපේක්ෂිත ලෙස ඉස්මතු විය.

එක්සත් ජනපදය සමඟ ශ්‍රී ලංකාවේ සීමිත වෙළඳාමක් තිබියදීත්, ශ්‍රී ලංකාව තීරුබදු ලැයිස්තුවට ඇතුළත් කිරීම පිටුපස ඇති තර්කය වැඩසටහෙන් සත්කාරක එරින් බර්නෙට් සහ චිකාගෝ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය බ්‍රෙන්ට් නීමන් ප්‍රශ්න කළහ.

“ඇමරිකානුවන් ශ්‍රී ලංකාවෙන් ඇඳුම් ගොඩක් මිලදී ගන්නවා. නමුත් ශ්‍රී ලංකාව ඇමරිකාවෙන් ගෑස් ටර්බයින ගොඩක් මිලදී ගන්නේ නෑ. එය නිවැරදි කළ යුතු වෙළඳ අසමතුලිතතාවයක් නොවේ,” බර්නෙට් සඳහන් කළේය.

ශ්‍රී ලංකාව, ජෝර්දානය සහ සැම්බියාව වැනි රටවල් ට්‍රම්ප්ගේ ලැයිස්තුවේ දැකීම ගැන පුදුමය පළකරමින් නීමන් එම අදහස යළිත් ප්‍රකාශ කළේය.

ට්‍රම්ප්ගේ මෙම තීරුබදු උපායමාර්ගය අන්‍යෝන්‍ය වෙළඳාම ගණනය කරන ආකාරය සම්බන්ධයෙන් ‘වැරදි දර්ශනයක්’ පිළිබිඹු කරන බව ඔවුහු පෙන්වාදුන්හ.

චීනය හැර ඉහළ තීරුබදු ක්‍රියාත්මක කිරීම සඳහා දින 90 ක විරාමයක් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් නිවේදනය කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: