2025 අප්‍රේල් 11, පෙ.ව. 12:19
 
            
පසුගිය රජයන්ගේ අනාවැකි රහිත ක්‍රියාමාර්ග හේතුවෙන් වැට් බද්ද වරින් වර ඉහළ දැමීමට සිදුව ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා පවසයි.
පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
“වැට් බද්ද අදාළ නොවූ භාණ්ඩ 123ක් සඳහා යළිත් බදු අය කිරීමට සිදුවුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බැඳීම් හේතුවෙන්. අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන්නේ වක්‍ර බදු අඩු කර ඍජු බදු අය කිරීමයි. දැනට පවතින ගැටලුව වන්නේ බදු එකතු කිරීමේ අකාර්යක්ෂමතාවයි.
ලෝක ආර්ථිකය ගැන කතා කරන කිසිවෙකු වැට් බද්ද කාර්යක්ෂමව එකතු කිරීමේ හැකියාව ගැන කතා කළේ නැහැ. අපේ ඉලක්කය වන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.5%ක මට්ටමක් දක්වා බදු ආදායම ඉහළ දැමීමයි.
අපි ඩිජිටල් සේවාවන් සඳහාත් වැට් බද්ද ඇතුළත් කළා. ඒක හොඳ ද නරක ද කියන්නවත් විපක්ෂයට ධෛර්යයක් නැහැ.” “වැට් බද්ද එකතු කිරීමටත්, ඉහළ දැමීමටත් සිදුවුණේ මේ මහත්වරුන් පසුගිය කාලයේ කළ දේවල් නිසයි. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පසුගිය වසර තුනක කාලය තුළ දැඩි පසුබෑමකට ලක්වුණා. ඒකට හේතුවුණේ අතීත ක්‍රියාකාරකම් තමයි.”
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 4:00
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 1:44
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25