2025 අප්‍රේල් 25, පෙ.ව. 12:25
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2025 පෙබරවාරි මාසය වෙනුවෙන් නිකුත් කර ඇති ‘පෙබරවාරි මාසය සඳහා ජාතික මට්ටමේ නිල දරිද්‍රතා රේඛාව’ නමැති නවතම වාර්තාව අනුව පුද්ගලයෙකුට තම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය කෙරෙන අවම මුදල රුපියල් 16,318ක් ලෙස සඳහන් කර තිබේ.
එම පුද්ගලයාට මූලික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් වැඩි ම මුදලක් දැරීම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම මුදල රුපියල් 17,599 ක් ලෙස සඳහන් කරයි.
එසේ ම, දෙවනුවට වැඩි ම අගයක් පෙන්වන ගම්පහ දිස්ත්‍රික්කය සඳහා රුපියල් 17,509ක් ලෙස සඳහන් කර ඇත.
අඩු ම මුදල මොනරාගල දිස්ත්‍රික්කයෙන් බව සඳහන් කරන අතර එම මුදල 15,603 ක් වේ.
වසර 2012-2013 ගෘහ ආදායම් සහ වියදම් සමීක්ෂණය මත පදනම්ව නිල දරිද්‍රතා රේඛාව යාවත්කාලීන කර ඇති බව එම දෙපාර්තමේන්තුව කියයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකය ( පදනම: 2021=100 ) භාවිත කරමින් මිල වෙනස්කම් සඳහා ගැළපීමෙන් දිස්ත්‍රික් නිල දරිද්‍රතා රේඛා නැවත ඇස්තමේන්තු කර ඇති බව කියයි.
පෙර මාසයට සාපේක්ෂව 2025 පෙබරවාරි මාසයේදී වාර්තා වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) අගය අඩු වීම හේතුවෙන් නිල දරිද්‍රතා රේඛාව පහළ යෑමට හේතු වී ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේ වෙතත්, පසුගිය 2024 වසරේ පෙබරවාරි මාසයේ පුද්ගලයෙකුට තම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය කෙරෙන අවම මුදල රුපියල් 16,975ක් ලෙස වාර්තා වූ අතර එම් වසරේම අප්‍රේල් මාසය සඳහා එම අගය 16,476ක් බව එම දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දෙයි.
2025 අප්‍රේල් 25, පෙ.ව. 10:20
2025 අප්‍රේල් 25, පෙ.ව. 9:54
2025 අප්‍රේල් 25, පෙ.ව. 9:14
2025 අප්‍රේල් 25, පෙ.ව. 9:01
2025 අප්‍රේල් 25, පෙ.ව. 12:35
25-04-25
25-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
21-04-25
21-04-25