hit counter

2025 ජූලි මස 01 වන අඟහරුවාදා

2025 මැයි 17, පෙ.ව. 12:29



කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා වික්ෂයේ ස්වාධීන ප්‍රගතිශීලී මන්ත්‍රීවරුන් සොයා ගන්නා ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා තමන්ට උපදෙස් ලබා දුන් බව නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා සඳහන් කරයි.

ඒ අනුව තමන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කරන ලද බවද පැවසූ ඔහු මේ වන විට විපක්ෂයේ පාර්ශව ගණනාවක් සමග සාකච්ඡා කර සාර්ථකව සිදු කර ඇතැයිද පැවසීය.

මධ්‍යම ආණ්ඩුව ගෙනයන සාර්ථක වැඩපිළිවෙල දැක ඒ පිළිබඳව පැහැදී කොළඹ නගර සභාවේද බලය ජාතික ජන බලවේගයට ලබා දිය යුතු බවට එම පිරිස දැනටමත් තීරණය කර අවසන් බවද හෙතෙම කියා සිටියේය.

එ් අනුව කිසිදු සැකයකින් දෙගිඩියාවකින් තොරව කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය විසින් පිහිටුවන බවත් ඒ මහතා අවධාරණය කලේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ගුවන් විදුලි නාලිකාවක පැවති සාකච්චාවකට එක්වෙමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: