hit counter

2025 මැයි මස 21 වන බදාදා

2025 මැයි 21, ප.ව. 12:30



සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ මේ වන තෙක් විගණකාධිපති තනතුර සඳහා පත් කිරීමක් සිදුකර නොමැති බවත්, ඊයේ (20) ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව කථානායකවරයා දැනුම් දුන්නද ඒ පිළිබඳ අවසන් තීරණයකට මෙතෙක් පැමිණ නොමැති බව දැනගන්නට ලැබී ඇති බවත්ය.

කෙසේවෙතත් ඔහු අද (21) දින පාර්ලිමේන්තුවේ දී මේ බව කියා සිටි අතර එහිදී මන්ත්‍රීවරයා චෝදනා මුඛයෙන් සඳහන් කළේ විගණකාධිපති සේවයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා සිටිය දී ඒ සඳහා බාහිරින් පුද්ගලයෙකු පත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,

“තාම විගණකාධිපතිවරයෙක් පත් කරලා නැහැ. ඊයේ කථානායකතුමාට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළාම කිව්වා, ඊයේ පත් කරනවා කියලා. දැන් අපිට ආරංචි වෙලා තිබෙනවා, පෙරේදා එක්කෙනෙක් ඒකට ඇප්ලිකේෂන් එකක් දාලා තියෙනවා කියලා. රජයේ ජ්‍යෙෂ්ඨතම විගණකාධිපති සේවයේ පුද්ගලයා ඉන්දැද්දී, වෙන කෙනෙක් දේශපාලනිකව ගේන්න හදනවාද කියලා මේ ප්‍රශ්නේ අපිට අහන්න සිද්ධ වෙනවා ආණ්ඩුවෙන්.“

“මොකද විගණකාධිපතිවරයා කියන්නේ ස්වාධීන ආයතනයක්. ඒ ස්වාධීන ආයතනයේ අපි බලාපොරොත්තු වෙන දේවල්, ඉෂ්ට වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක මම වැඩි වශයෙන්ම සඳහන් කරන්නේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා හැටියට.“





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: