hit counter

2026 ජනවාරි මස 24 වන සෙනසුරාදා

2025 මැයි 23, පෙ.ව. 12:09



මේ වන විට ආසියානු කලාපයේ රටවල පැතිර යන කොවිඩ් ප්‍රභේදය මෙතෙක් මෙරට තුළ අවදානමක් වාර්තා නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එසේම මේ පිළිබද අනිසි බියක් ඇති කර නොගන්න හැටියට විශේෂඥ වෛද්‍ය අතුළ ලියනපතිරණ පවසනවා.   

මෙම ප්‍රබේදය JN1 වෛරසය ලෙස නම් කර ඇති අතර කොවිඩ් වෛරසයේ නවතම උප ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇත.   මෙය මේ වන විට ආසියානු කලාපයේ රටවල් රැසක සක්‍රීයව ව්‍යාප්ත වීම ආරම්භ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ පසුගිය මාස කිහිපය පුරා ආසියාවේ කොවිඩ් රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන අතර මෙම නව ප්‍රභේදය වන JN1 වෛරසය හොංකොං, සිංගප්පූරුව සහ අසල්වැසි ඉන්දියාවෙන්ද හඳුනාගෙන ඇති බවයි.   

ලෝක සෞඛ්‍ය විශේෂඥයින් පවසා සිටින්නේ මිනිසාගේ ප්‍රතිශක්තිය අඩු වීම මත මෙම JN1 වෛරසය ව්‍යප්ත වීමේ වැඩි අවදානමක් මතුව ඇති බවයි.   

කෙසේ නමුත් මෙම JN1 වෛරස් ප්‍රභේදය මාරාන්තික වෛරසයක් ලෙස මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.     

සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී සිටින්නේ රෝගීන් වාර්තා වීම ඉහළ අගයක පැවතීම හමුවේ යළිත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසයි. 

මේ අතර අසල්වැසි ඉන්දියාවෙන්ද  මෙම නව JN1 වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් වාර්තා වේ.   මහරාෂ්ඨ ප්‍රාන්තයේ පමණක් රෝගීන් 257 දෙනෙකු වාර්තා වී ඇති අතර කොවිඩ් මරණ දෙකක් වාර්තා වී ඇත. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: