2025 මැයි 27, ප.ව. 12:56
වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක් නේවාසිකාගාර කාමරය තුළදී සියදිවි නසාගෙන තිබුණි.
එලෙස සියදිවි නසාගෙන තිබුණේ මහනුවර, තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි සංජීවනී කුමාරි නැමැති සිසුවියකි.
සංජීවනීගේ මරණය ගැන වාර්තා වෙන්නේ සබරගමු සරසවියේ සිසුවකුගේ දිවි නසාගැනීමේ සිද්ධියේ උණුසුම පහව යන්නටත් පෙරයි.
මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ සිට සංජීවනී වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට පැමිණෙන්නේ මීට වසර දෙකකට පෙරදීය.
නමුත් තම ඉගෙනුම් කාලය සම්පූර්ණ කිරීමට පෙර ඇය තම ජීවිතය හැර යන්නට තීරණය කරන්නේ ඉතා අවාසනාවන්ත අයුරින්ය.
ඇය සියල්ලන්ටම රහසින් ඇගේ නේවාසිකාගාර කාමරය තුළදීම දිවි නාසගෙන තිබුණි.
ඇය සම්බන්ධයෙන් සිය නැගණියගේ සහෝදරිය මෙසේ සඳහන් කළා.
ඊයේ මගෙ නංගිගෙ අවසන් කටයුතු සිද්ධ කෙරුණා.
මේ ත්‍රාඩ මනුස්සයා තමන්ගෙ ස්ටාෆ් බේර ගන්න ලිස්සල යන්න කියන කතා. නංගි ගෙදර ආපු දවස්වල මට කියල නෑ ජීවිතේ එපා වෙලා මැරෙන්න හිතෙනව කියල. මම කිව්වෙ මෙතන නීති රීතිවල පීඩනය දරා ගන්න අමාරුයි කියලා. සම්ප්‍රදාය ළමයි කොච්චර පීඩවට පත් කරලද කියනවනම් ඒ ශිෂ්‍යන්ට කටවත් අරින්න බෑ කිසිම දේකට විරුද්ධ වෙන්න බෑ. නීතියෙන් පවා හිර කරල බොන්ඩ් එකක් සයින් කරල ඇතුළට ගන්නෙ. අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන්ගෙ ඇස් කන් නැද්ද. අත අරින්නෙ නෑ පුළුවන් දුර වෙනකන් අදිනව මේව. නංගිට ජීවිතේ නැති කරේ ඔලුවෙ කෙස් ගහ තියෙන්න ඕන විදියෙ ඉඳන් රාමුගත කරපු පරිසරයක් හදල තියෙන මේ වගේ අමන අධ්‍යාපන ආයතන පද්ධතියක්.
2025 මැයි 29, පෙ.ව. 12:09
2025 මැයි 29, පෙ.ව. 12:06
2025 මැයි 29, පෙ.ව. 12:05
2025 මැයි 29, පෙ.ව. 12:05
2025 මැයි 29, පෙ.ව. 12:03
29-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25