hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2025 අගෝස්‍තු 01, පෙ.ව. 12:07



ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, මෙරට දෛනිකව සිදු කරන ඩිජිටල් මුදල් ගෙවීම් ප්‍රමාණය 30%කින් පමණ ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවයි.

ඊට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන් ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන බව එහි ගෙවීම් හා පියවීම් අංශයේ අධ්‍යක්ෂ K.V.K අල්විස් සඳහන් කරයි.

ඩිජිටල් ගෙවීම් කාණ්ඩයට අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ‘ONLINE BANKING’ ගණුදෙනු මෙන්ම කාඩ්පත් ඔස්සේ සිදුකරන ගෙවීම් ඇතුළත් වන අතර දිනකට සිදුවන ගනුදෙනු ප්‍රමාණය 16 ලක්ෂ පනස්දහස ඉක්මවයි.

ඩිජිටල් ගෙවීම් පිළිබඳ ප්‍රවර්ධනය සමග දෛනිකව සිදුවන ඩිජිටල් ගෙවීම් ප්‍රමාණය 21 ලක්ෂ පනස්දහස සීමාවට රැගෙන ඒම සැළසුම බව එහි ගෙවීම් හා පියවීම් අංශයේ අධ්‍යක්ෂ K.V.K අල්විස් සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: