2025 අගෝස්‍තු 27, ප.ව. 5:39
රිමාන්ඩ් භාරයට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැලිකඩ බන්ධනාගාරයට ගෙන යාම පිළිබඳව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා විසින් අද (27) දින මාධ්‍ය හමුවක් අමතමින් අදහස් ප්‍රකාශ කළා.
ඒ අනුව සභාපතිවරයා සඳහන් කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුල සතු වූ අක්කර 43 ක භූමියක මෙම බන්ධනාගාරය පිහිටා තිබෙන බවයි.
එසේම ඔහු විසින් මෙම කරුණ සනාථ කරමින් අදාළ ඉඩම් ඔප්පු සම්බන්ධ පත් ඉරු සටහන්ද මාධ්‍යයට ඉදිරිපත් කළා.
ඒ අනුව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ,
“රනිල් වික්‍රමසිංහ මහතාව අත්අඩංගුවට ගත් පසු ගෙන ගියේ ඔහුගේ මිත්තණියගේ පරම්පරාවට අයිතිව තිබූ වැලිකඩ බන්ධනාගාර භූමියටයි. ඉතිහාසය දෙස බලන විට, මේ භූමියේ මුල් අයිතිකරුවන් වුණේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඔහුගේ පවුලේ උදවියයි. මෙය ඉතාම ඛේදනීය සහ දෛවෝපගත අවස්ථාවක්. මෙම ඉඩමේ පත්තිරු සටහන් සියල්ල මගේ ළඟ තියෙනවා. එවැනි පරපුරක සාමාජිකයකුට මෙය මහ ඛේදජනක සිදුවීමක්” යනුවෙන්.
එසේම අඳාළ මාධ්‍ය හමුවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරළ මහත්මිය සහ නියෝජ්‍ය නායක අකිල විරාජ් කාරියවසම් මහතා ද එක්ව සිටියා.
2025 අගෝස්‍තු 28, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 28, පෙ.ව. 12:06
2025 අගෝස්‍තු 28, පෙ.ව. 12:06
2025 අගෝස්‍තු 28, පෙ.ව. 12:03
2025 අගෝස්‍තු 28, පෙ.ව. 12:03
28-08-25
28-08-25
28-08-25
28-08-25
27-08-25
27-08-25
27-08-25
27-08-25
27-08-25
27-08-25
27-08-25
27-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25