hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අගෝස්‍තු 16, පෙ.ව. 10:09



බංගදෙනිය කෝච්චියෙන් බොහෝ දෙනා සිය රැකියාවල ගමනා ගමන පහසුකම් සපයා ගනියි.මුළු දුම්රිය පද්ධතිය නිසාම එය සිදුවනවාට කිසිදු තර්කයක් නොමැත.

නමුත් මගේ නෙත නිතර නිතර ගැටෙන බංගදෙනිය දුම්රිය මට විශේෂයි.මා මතු කරන්නට යන්නේ එහි ගොඩවන ඇතැම් පිරිමින්ට සිදුවන අඩත්තේට්ටම් ගැනය.

මෙය සෙසු දුම්රියන්ට ගොඩවන ඇතැම් තරුණයන්ටද එසේම යැයි මම සිතමි.

රජයට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට අමතරව සෑම දුම්රියකම පෙට්ටියකට අයිතිකරුවන් සිටී.එම අයිතිකරුවන් අතර සිටින බොහෝ දෙනා මැදි වයසේ පිරිමින්ය.

නිවසේ බිරිඳගෙන් නැති ඇලෙන සුළු බවක් ඔවුන් මෙම පෙට්ටිවලට ගොඩවන කාන්තාවන්ගෙන් ලබා ගන්නට පෙරේතකම් කරයි.

මේ පෙට්ටිවලට ගොඩවන ඇතැම් කාන්තාවන්ද අහිංසක නැත.

නමුත් බහුතරය උදේ පාන්දර අවදිවී,දරුවන්ට ආහාර පාන සකසා,ඔවුන් පාසල් යවා,බසයකද නැගී දුම්රිය ස්ථානයට එන්නේ කෙසේ හෝ අසුනක ඉදගැනිමටය.

එහි වරදක් මම දකින්නේ නැත.

ඇයගේ උදේ වරුව එම විවෙකයවත් නොමැති උවහොත් දවසම කාලකන්ණි වීමට ඉඩ ඇත.

ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නා ඉහත සඳහන් පිරිමි කරන්නේ කල් වේලා ඇතිවම අර කාන්තාවන්ට ආසනයක් වෙන් කර ගැනීමය.

ඔවුන් බලාපොරොත්තුවන කාන්තාව ගොඩවන්නට ප්‍රථම එම අසුනට වෙනත් පිරිමියෙකු පැමිණ අසුන් ගතහොත් ඌ ඉවරෙටම ඉවරය.

වහෙන් ඔරෝ බාසාවෙන් එම පිරිමියාට අදාල පෙට්ටිය පමණක් නොව මුළු බංගදෙනිය දුම්රියම තියා කිසිදා දුම්රියක ගොඩ නොවන්නට හිතෙන තරමට මොළය විනාශ කරයි.

මා කියන්නේ බංගදෙනිය දුම්රියේ 9 වන මැදිරිය ගැන පමණි.

සෙසු දුම්රිය මැදිරිවලද මෙසේ නොවනවා නොවේ.

ප්‍රශ්නය ඇත්තේ එතන නොව නිවසේදී මේ පුද්ගලයන්ට බිරිද විසින් හෝම් වර්ක් කරවා එවිය යුතුය.

නැතහොත් දුම්රියවලට ගොඩවන කාන්තාවන් කෙසේ වෙතත් පිරිමින්ට සිදුවන මෙවැනි අඩත්තෙට්ටම්වලින් නම් අඩුවක් නොමැත.

බංගදෙනියේ මගියෙක්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: