hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 ජනවාරි 23, පෙ.ව. 12:04



මේ වනවිට ඉන්දියාවේ බැංගලෝරයේ නිවසේ සිටින බවත් බයිබල් අධ්‍යයනය, ඉවුම් පිහුම් ඉගෙනීම, ගෙවතු වගාව හා සුරතල් මාළු ඇති කිරීම වැනි වැඩ කරමින් කල් ගෙවන බවත් ජනප්‍රිය නිළි පූජා උමාශංකර් පවසනවා.

ඇය කලා දිවියෙන් සමුගෙන අධ්‍යාත්මික ජීවිතයකට පිවිසීමට අදහස් කරගෙන සිටින බවට පසුගියදා තොරතුරක් වාර්තා වුණා.

සිය පෞද්ගලික අභියෝග හා බලාපොරොත්තු සුන් වීම් නිසා කලකිරුණු පූජා ශ්‍රී ලංකාවෙන් සමුගෙන පසුගියදා යළි ඉන්දියාවට ගොස් තිබු අතර එහිදී ශ්‍රද්ධාවෙන් යුතුව තම ජීවිතය ගෙන යෑම සඳහා මෙලෙස ආධ්‍යාත්මික පැත්තට යොමු වී ඇති බවටයි වාර්තා වුනේ.

කෙසේවෙතත් පූජා පවසන්නේ තමා දිගු කාලයක සිට කිතුණු දහම සම්බන්ධ ඉගනීම සිදුකරන බවත් මේ නිසා සමාජ මාධ්‍ය තුළ තමා එම දහමේ පණිවිඩ නිරන්තරයෙන් බෙදාගත් බවයි.

එය තමන්ගේ ආශාවට සිදුකළ අධ්‍යයනයක් පමණක් බවත් පවසන ඇය සදහන් කරන්නේ ලංකාව අතැර ගොස් නැති බවත් වරින්වර ඇවිත් යන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: