hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 05, ප.ව. 7:58



මුත්තයියා මුරලිදරන් චරිතාපදානය ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද ‘800’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අද මුම්බායිහිදී නිකුත් කෙරුණා.

මෙම අවස්ථාවට මුත්තයියා මුරලිදරන් සමග සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වන සචින් ටෙන්ඩුල්කාර් සහ සනත් ජයසුරියද සහභාගී වූවා.

ඉන්දීය නළු විජේ සේතුපති තෝරාගෙන ඇති බව ප්‍රසිද්ධ කලත් ජන වාර්ගික අර්බුධයන් හේතුවෙන් ද ඉන්දියාවෙන් විජේ සේතුපතිට දැඩි විරෝධය එල්ල වීමත් සමඟ ඔහුට එම චරිතයෙන් ඉවත් වීමට සිදු වුණා.

අවසානයේ එම චරිතයේ හිමිකාරිත්වය ලැබුනේ ඔස්කාර් සම්මානයට පාත්‍ර වූ Slumdog millionaire චිත්‍රපටයටද රංගනයෙන් දායක වූ Madhur Mittal හටයි.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රිකට් පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇතුළත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ඉන්දියානු සිනමා සමාගමක් කටයුතු කළා.

2011 වසරේදී මුරලිදරන් විසින් සිය ජීවිත කතාව පොතක් ලෙස මුද්‍රණය කර තිබූ අතර

එයට නම් තබා තිබුනේ ‘800’ ලෙසයි.

ඒ ඔහු සපුරා ගන්නා ලද ටෙස්ට් කඩුළු ගණන සංකේතවත් කරමින්.

මුරලිගේ ක්‍රිකට් ජීවිතය අඩාළ කරන්නට එල්ලවූ තර්ජන අභියෝග මෙන්ම ඒවා ජයගන්නට ඔහු නොසැලී ක්‍රියා කළ ආකාරය මෙම කතාවේදී කියැවෙන අතර ක්‍රීඩාවට ළැදි අයට මෙන්ම වෙනත් ඕනෑම ක්ෂෙත්‍රයක තම ඉලක්කය සපුරාගැනීම වෙනුවෙන් අනවරත උත්සාහයේ යෙදෙන්නන්ට මෙම කෘතිය තුළින් පාඩම් උගත හැකි වුණා.

https://youtu.be/UTuQyWpoqW8




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: