hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 05, ප.ව. 12:34



“මියගොස් ඇත්තේ මගේ බිරිය සහ බිරියගේ අම්මා. බිරියට අසනීපයක් තිබුණේ නැහැ. අම්මාගේ පපුවේ අමාරුවකට ප්‍රතිකාර ගැනීම සඳහා යාළුවකුත් සමඟ බිරිය කොළඹ ගියා. ප්‍රතිකාර ගෙන ආපසු එන ගමන් බිරිය පැමිණි වෑන් රථය කුරුදුගහ පිවිසුම සිට ගාල්ල දෙසට වන්නට ඉදිරියෙන් ගිය ලොරියක පිටුපස හැපී අනතුරට පත්ව තිබෙන බව දැන ගත්තා.” දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහ පිවිසුම ආසන්නයේ සිදුවු මාරක රිය අනතුරෙන් මියගිය බිරියගේ සහ බිරියගේ මවගේ මරණ පරීක්ෂණවලදී මියගිය සමරසිංහ කොඩිතුවක්කු ආරච්චිගේ උමේෂිකා මධුනි යන අයගේ සැමියා වන ලංකා බැංකුවේ කළමනාකාර, ගමගේ ටිශාන් වේලක සාක්ෂි දෙමින් එසේ සඳහන් කළා.

මෙසේ මියගොස් ඇත්තේ අම්බන්තොට ලුණම පදිංචි එදිරිමුණි රිටා හැරියට් සහ බරවකුඹුක ලංකා බැංකු ශාඛාවේ සහකාර කළමනාකාරිනි සමරසිංහ කොඩිතුවක්කු ආරච්චිගේ උමේෂිකා මධුණි මව සහ දියණියකි.

මේ පිළිබඳ මරණ පරීක්ෂණ කරාපිටිය රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් පවත්වන ලද අවස්ථාවේ සාක්ෂිකරු මෙසේද කියා සිටියා.

“ප්‍රතිකාර ගෙන ආපසු එන ගමන් බිරිය වැලිපැන්නේදී මට කතා කළා. ඔවුන් පැමිණි වෑන් රථය කුරු¾දුගහ පිවිසුමේ සිට කිලෝමීටර් තුනක් පමණ ගාල්ල දෙසට වන්නට ඉදිරියෙන් ගිය ලොරියක පිටුපස හැපී තිබෙනවා. ඒ බව බිරියගේ යාළුවකුගේ මහත්තයා කතා කරල කිව්වා. මම ඒ වෙලාවෙම කරාපිටිය රෝහලට ආවා. අම්මා මියගොස් සිටි අතර බිරිය දැඩි සත්කාර ඒකකයේ සිටියා. පසුව බිරියත් අද උදේ මියගියා.”

කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ජේ.එස්.ජී. පීරිස්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුව මෙම මරණ දෙකම රිය අනතුරකින් හිස් කබලට සහ මොළයට හානි සිදුවිමෙන් වූ මරණ දෙකක් බවට හදිසි මරණ පරීක්ෂකවරයා නිගමනය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: