hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 9:33



 මහවැලි එච් කලාපයේ කලාවැවෙන් පෝෂණය වන ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අස්වැද්දුම ගම්මානයේ ජීවත්වන ශාන්ත බණ්ඩාර ගොවිමහතා තමා විසින් මෙවර යල කන්නයේ වගා කළ දේශීය වී සුවඳැල් වී ගොයම අක්කර කාලක කොටසක්  කපා ඉදිරිපස වම් පාදයට දඩයක් කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලබා ප්‍රථිකාර ලබමින් සිටින අග්බෝ  ඇතාගේ පෝෂණය සඳහා ආහාරයට ලබාදීමට ඊයේ (04)  පස්වරුවේ තම ප්‍රදේශයේ සහෝදර ගොවි මහතුන්ගේ සහාය ඇතිව  කටයුතු කරනු ලැබුවා.

තිරප්පනය, පුදුක්කුළම වැව් පිටියේදී මෙම  සුවදැල් වී සහිත ගොයම අග්බෝ හස්තියාට ලබා දීම සිදු කෙරුණා.

ශාන්ත බණ්ඩාර ගොවිමහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ තම ප්‍රදේශය කලාවැවෙන් පෝෂණය වන අතර කලා වැව නිර්මාණය කිරීම සඳහා අතීතයේ රජදරුවන් විසින් අලි ඇතුන්ගේ සහය ලබා ගෙන තිබෙන අතර එදා ඒ ඇත් පරපුරටත් පින්සිදු වන ලෙස ප්‍රාර්ථනා කරමින් තම ගොයම  අග්බෝ හස්තියාට ලබා දීමට තීරණය කළ බව ගොවි මහතා සඳහන් කර සිටියා.

තවද එම සුවදැල් වී සහිත ගොයම ආහාරයට ලබා දීම ඇතාගේ පෝෂණයට ඉතා ගුණදායක බව වනජීවී නිලධාරීන්ද පවසා සිටියා.

ඉදිරිපස වම් පාදයට දඩයක් කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලැබූ අග්බෝ ඇතාට පසුගිය ජුනි මස 12 වනදා සිට ආරම්භ කල ප්‍රතිකාර කටයුතු මේ දක්වා අනුරාධපුර කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායම විසින් සිදු කරනු ලබන අතර අවස්ථා කීපයක දී විශේෂ පශු වෛද්‍ය කණ්ඩායම් කීපයක් ද ඊට සහාය දැක්විය.තිරප්පනය බීට්ටු වනජීවි කාර්යාලයේ නිලධාරීන් සහ කාර්ය කාර්යමණ්ඩලයේද පූර්ණ කැපවීම මත අග්බෝ ඇතා මේ වන විට තරමක් සුවය ලබා ඇති බවද දැක ගත හැකි වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: