hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 06, ප.ව. 2:43



අ.පො.ස. උසස් පෙළ විභාගය කියන්නේ ජිවිතේ කඩයිමක් කිව්වොත් නිවැරදියි.

ඒ කඩයිමෙන් එහා ලෝකය හරි විශාලයි.

විභාගයක් සමත් වූ පමණින්ම ජිවිතේ දිනන්න බැහැ කියන එක තේරුම් ගන්න ඕනේ.

අපි වටේ ඉන්න යාළුවො මිත්‍රයෝ අපි ජිවිතේ දිනනවට කැමති පිරිසක් නම් අපි හරිම වාසනාවන්තයි.

අපේ සතුටේදී සතුටු වෙන අපේ දුකේදී අපි එක්කම ඉන්න මිතුරුකම් හරි අඩුයි.

හැබැයි එහෙම මිතුදම් නැති කර ගන්නවා කියන්නේ අපිට ඒක ලොකු පාඩුවක්.

ඉතින් මේ කියන්න යන්නේ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් මෙවර ජෛව තාක්ෂණ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගත්තේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ආර්. අහිංසා වික්‍රමරත්න ගැනයි.

ඇයගේ ජයග්‍රහණය හමුවේ ඇයගේ මිතුරියන් ඇයව උණුසුම් අයුරින් පිලි ගන්නා වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

ඉතින් ඒ වගේම අපිට ඒ වීඩියෝව දකින කොට නම් පැහැදිලි වෙන්නේ ඇයගේ මිතුරියන් ඇයට කෙතරම් ලෙන්ගතුකමක් දක්වනවද කියන එකයි.

තම මිතුරියගේ ජයග්‍රහණය හමුවේ ඇය වටා එකතු වෙන්න ඇයගේ මිතුරියන් කොතරම් නම් නිහතමානීද?

ඇය සිය විභාග ප්‍රතිඵල දැනගැනීමෙන් පසු මුලින්ම ඇයගේ මිතුරියන් හමුවූයේ ඉතා සතුටිනුයි.

පසුව ඇයගේ ගුරුවරුන් හමු වී ආශිර්වාද ලබා ගත් අහිංසා මතුව සිය දෙමාපියන් සමඟ පාසලේ විදුහල්පතිනිය හමු වුණා.

එහිදී විදුහල්පතිනිය ද මාධ්‍යයට අදහස් දක්වමින් අහිංසා පිළිබඳව මෙන් ම පාසල පිළිබඳව අදහස් දැක්වුවා.

පසුව අහිංසා දියණිය ද මාධ්‍ය වෙත සිය ජයග්‍රහණය පිළිඳව අදහස් දක්වා සිටියා.

ඇය පවසන්නේ කොරෝනා උවදුර වගේම විදුලි අර්බුදය නිසා විදුලිය විසන්ධි කිරිම වැනි අභියෝග රැසක් මැද එක මොහොතක්වත් අත නොහැර කැපවීමෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යෑම තම සාර්ථකත්වයේ රහස බවයි.

ඇය වැල්ලව‍ත්තේ ශාන්ත ක්ලෙයාර්ස් බාලිකා පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා උසස් පෙළ අධ්‍යාපනය සඳහා දේවි බාලිකා විදුහලට ඇතුළත්වී තිබෙනවා.

2019 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අහිංසා A සමාර්ථ්‍යය 9ක් ලබා ගනිමින් විශිෂ්ට ලෙස සමත් වී තිබෙනවා.

ඇය පවසන්නේ උසස් පෙළ විභාගයට සූදානම් වන සමය අභියෝගාත්මක කාලයක් බවත් කොරෝනා උවදුර, ආර්ථික අර්බුදය ආදී දුෂ්කරතා බොහොමයකට මුහුණ දෙන්නට සිදු වූ බවයි.

ඒ දිනවල රටේ විදුලි කප්පාදුවක් තිබු නිසා පාඩම් වැඩ කරගෙන ගියේ ටෝච් එළියෙන් බවත් එහි එළිය බැස ගිය පසු විදුලිය එනතෙක් ඉතිරි පැයේ ජංගම දුරකතනයේ එළියෙන් මිතුරිය සමඟ විෂය කරුණු ගැන කතා කළ බවත් එක මොහොතක්වත් අපතේ හැරියේ නැති බවත් අහිංසා පවසනවා.

“කොරෝනා කාලේ පාසලෙන් පාන්දර 4.00ට ඔන්ලයින් පන්ති තිබුණා. ගුරුවරුන් කැපවීමෙන් ඉගැන්වුවා. විභාග ආදියත් නියමිත විදියට කෙරුණා. ඒක අපට ලොකු ශක්තියක් වුණා. පාඩම් වැඩවලටම සීමා වුණේ නෑ. බාහිර ක්‍රියාකාරකම් ආදියත් කළා. නෙට්බෝල්, තුර්යවාදක කණ්ඩායම්වල සාමාජිකයෙක් හැටියට වැඩ කළා. මලල ක්‍රීඩා ආදියත් කළා. විනෝදාංශ විදියට පොත්පත් කියෙව්වා. තෝරාගත් රූපවාහිනී වැඩසටහන් බැලුවා. විනෝද ගමන් එහෙමත් ගියා. පොතටම සීමාව සිටියේ නෑ.”යන්න ඇය තවදුරටත් කියා සිටිනවා.

අහිංසා පැවසූ විශේෂ කරුණක් වන්නේ ඇය සිය සටහන්වලට අමතරව ඒ ඒ විෂයයන්ට අදාළ ගුරු අත්පොත් සහ අභ්‍යාස පොත් සොයාගෙන විභාගයට මුහුණ දුන් බවත්, එය ඇයට මහත් උදව්වක් වූ බවයි.

ඇයගේ අනාගත බලාපොරොත්තුව තොරතුරු තාක්ෂණ විෂය පිළිබඳ කථිකාචාර්යවරියක් වීම බව අහිංසා පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: