hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ජූලි 06, ප.ව. 1:11



ජැක්සන් ඇන්තනී කියන්නේ සිංහල සිනමාවටත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටත්  විශාල සේවයක් ඉෂ්ඨ කරපු කලාකරුවෙක් කියන්න කොයි කවුරුත් දන්නවා.

එදා හදිසි අනතුර නිසා තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නා ජැක්සන් වෙනුවෙන් බලන් ඉන්න ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නේ.

පසුගිය කාල වකවානුව පුරාවටම සමාජ මාධ්‍ය හරහා සංසරණය වුණා ජැක්සන්ට විතරක් ඇයි මෙහෙම විශේෂ සැලකිල්ලක් දක්වන්නෙ කියන දේ.ඒ වගේම ජැක්සන්ගේ මේ වෙද්දි හදවත විතරයි වැඩ කියලත් තවත් බොහෝ දෙනෙක් සඳහන් කරලා තිබ්බා.

සමාජ මාධ්‍ය හරහා ජැක්සන් ගැන කතා කරන එක රැල්ලක් බවට පත් වෙච්ච කාල වකවානුවක් තුළ ඔහුගේ අලුත්ම තොරතුරු ගැන පසුගිය දවසක කර නැවත වතාවක් සමාජ මාධ්‍ය හරහා කතාබහ කරන්න පටන් ගත්තා.

ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුතු අකිල ධනුද්දරද තම පියා අනතුරට ලක්වී වසරක් ගත වන දින ඒ සැන සටහනක් පළ කරලා තිබුනා.

නමුත් ඒ සටහන අකිල පළ කළේ පියාගේ අනතුර ගැන කිසිවක් සඳහන් නොකර.

අකිල ඔහුගේ බිරිඳ සහ දියණිය එක්ක මුහුදු වෙරළට ගිහින් ගත්ත ඡායාරූපයක් පල කරමින් මෙන්න මෙහෙම සඳහන් කරලා තිබුනේ.

“අද මගේ ජීවිතේ මම අකමැතිම දවස කියලා අනුන්ගේ සතුටත් විනාස කරන්න ද?”

මෙහි ඔහු සඳහන් කළ ජීවිතේ අකමැතිම දවස තමන්ගේ අප්පච්චි අනතුරට ලක් වුණු දවස බව නම් නිසැකයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: