hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අගෝස්‍තු 24, පෙ.ව. 9:37



සමිතා මුදුන්කොටුව මහත්මිය කියන්නේ අපේ ගායන ලෝකය තුළ ඉන්න ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ ගායිකාවක්.

ඇය ගැන නොදන්න කෙනෙක් නෑ ඒ වගේම ඇගේ ගීත අහපු නැති කෙනෙක් නැති තරම්.

එනිසාම සමිතාගේ යන මේ ගායිකා වටා අති විශාල ප්‍රේක්ෂක පිරිසක් අදටත් ඉන්නවා.

ඒ වගේම තමයි ඇය විවාහ වුණේ සංගීත ක්ෂේත්‍රයේ තවත් අතිශයින්ම දක්ෂ කලාකරුවෙක් වන අතුල අදිකාරි සමඟ.

හැබැයි ඒ විවාහ ජීවිතය නම් ඒ තරම් කාලයක් තිබ්බෙ නැහැ.

එනිසා එය විවාහ ජීවිතයෙන් වෙන් වෙන සමිතා අවුරුදු කීපයක් ගියාට පස්සේ නැවත වතාවක් ලාබාල තරුණයෙක්.

අනතුරුව අතුල විවාහ වුණේ අමායා අධිකාරි. 

අනතුරුව ඔවුන් සියලු දෙනා එකම පවුලක සාමාජීකයින් විදිහට සතුටු සමාගම් පැවැත්වීම සමාජ මාධ්‍ය හරහා නිතරම වගේ දකින්න ලැබුණා.

කාවින්ද්‍යා සහ අමායා පසුගිය දිනක රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් ඔවුන්ගේ බැඳීම ගැන කියා තිබුණා. 

කාවින්ද්‍යා ඇයගේ අම්මයි තාත්තායි ගැන ඒ මොහොතේ සංවේදී වුණේ මෙහෙමයි.

‘ඒ දෙන්නා කතා කරද්දි මම හැමදාම සංවේදී වෙනවා. ඒ දෙන්නා තමයි මගේ ලෝකෙ. ඒ දෙන්නා නිසයි මම මේ තරම් ලස්සනට ඉන්නෙ. මට ඒගොල්ලන්ගේ දුව වීම ගැන ආඩම්බරයි… කවුරු මොනවා කිවුවත් කොහොම වුණත් අපි හැමදාම සතුටින් ඉන්නෙ. පුංචි හරි දුකක් වුණත් සතුටු වෙන්න උත්සාහ කරනවා…..’

කාවින්ද්‍යා සහ අමායා බොහෝම සමීපයෙන් ඉන්න දෙන්නෙක්. ඒ ගැන කාවින්ද්‍යා කිව්වේ මේ වගේ කතාවක්.

‘මෙයාටත් මම ගොඩක් ආදරෙයි. මාව ගොඩක් ආදරෙන් බලාගන්නවා, අම්මා වගේම තමයි….’

කාවින්ද්‍යා අධිකාරිට අමායා අක්කි කියන්නෙ ඇයි කියන ප්‍රශ්නයට අමායා දුන්නේ හරි අපුරු පිළිතුරක්.

‘ඒක තමයි ‘ෆැමිලි’ නේම් එක. මෙයා අවුරුදු 9 ඉඳන් මට මතකයි. චූටියි… කොණ්ඩෙත් කොටට කපලා. කොලු භාගයක් වගේ ඉන්නෙ.. හරි ඉතින් ස්පීක්…. මම දැකපු පුදුම කෙනෙක්. මෙයා හරියට දෙවියෝ දීපූ තෑග්ගක් වගේ. හැමවෙලේම අපිව සතුටින් තියන්න පුළුවන් ළමෙක්. හරි හොඳයි.. හරියට හිත උණුවෙන ළමෙක්. දෙමව්පියන්ගේ ගතිගුණ එහෙම්මම තියනවා. ඒ කාලේ ලොකු තේරුමක් නෑ ඇත්තටම.. මම අද වුණත් සමිතා හම්බුණාම කියන්නෙ මට දැනුම් තේරුම් තිබ්බ නම් මම මේ ආදරණීය පවුලට එකතු වෙන් නෑ. මම තරුණ කාලේනෙ. හැබැයි මෙහෙම නොවුණා නම් මේ තරම් ආදරෙන් අපි ඉන්න එකකුත් නැතිවෙයි…’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: