hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:02



කාලයක් අපේ රටේ පුවත් මවපු නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පිවිසි කෙනෙක් තමයි අමායා අධිකාරි කියන්නේ. 

අමායා මුලින්ම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ නිරූපිකාවක් විදියට කියලා බොහෝ දෙනෙක් නොදන්නවා ඇති.

පසුව ඇය ගීත සඳහා රූප රචනයෙන් දායක වූ අතර පසු කාලෙක රංගන ශිල්පිනියක් විදියට ක්‍ෂේත්‍රයේ නමක් දිනාගන්න සමත්වෙනවා.

ඒ වගේම අමායා කියන්නේ ගොඩක්ම දක්ෂ නර්තන ශිල්පිනියක් කිව්වොත් හරි.

ඇයගේ පෞද්ගලික ජීවිතයේ සිදු වූ සිදුවීම් නිසා බොහෝ දෙනා අතර ඇය ප්‍රසිද්ධ වුණා.

ඒ අතර ප්‍රමුඛම කාරණය වෙන්නේ ඇය මෙරට ප්‍රකට සංගීත ශිල්පියෙකු වන අතුල අධිකාරී සමඟ විවාහ වීමයි.

අතුල අධිකාරි කලින් විවාහ වෙලා හිටියේ ඔහුගේම ක්‍ෂේත්‍රයේ ප්‍රකට ගායිකාවක වන සමිතා මුදුන්කොටුව සමගයි.

ඒ වගේම අතුලට සහ සමිතට දරුවන් දෙදෙනෙකු සිටිනවා.

ඉතින් අතුල අධිකාරි අමායා සමග විවාහ වීමත් සමග සමිතා දරුවන් දෙදෙනා සමග තනි වෙනවා.

නමුත් පසුකාලීනව ඇය ද චිරන්ත ගුණවර්ධන නම් ටික්ටොක් හි ප්‍රකට තරුවක් සමඟ එක්ව දිවිගෙවන බව ඔවුන්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටිනවා.

කොහොම වුනත් අමායා සහ අතුලගේ විවාහයත් සාර්ථක වෙන්නේ නෑ.

ඔවුන් පුද්ගලික හේතුන් කිහිපයක් නිසා වෙන්ව ජීවත් වෙන්න තීරණය කරනවා.

විවාහයෙන් වෙන් වූ අමායා රියලිටි තරුවක් වූ ජනප්‍රිය ගායක හර්ෂ දනොෂ් සමඟින් පෙම් සබඳතාවයක් ඇති කරගන්නා විත්තිය නොරහසක්. 

අතුල හා දික්කසාද වීමෙන් අනතුරුව ඈ විවාහ වෙන්නෙ හර්ෂ එක්ක.

ඒ වගේම ඈ හා සමිතාගේ පවුලේ අය අතරත් කිසිදු විරසකයක් නොමැති බැව් ඔවුන්ගේ මුහුණු පොත්වල පළකිරීම්වලින් තහවුරු වුණා.

‘අපි වෙන් වෙලා නැහැ. තවමත් අපි හරි ආදරෙන් එකම ගෙදරක ඉන්නේ. අතුල පහළ තට්ටුවේ. අපි උඩ තට්ටුවේ. මම එයාගේ හොඳම යාළුවා. එයා මගේ හොඳම යාළුවා. මං හිතන්නේ කාලයක් ආදරය කරපු කෙනෙක් එක්ක ප්‍රශ්න බෙදාගෙන යාළුවෙක් විදිහට ආශ්‍රය කළාම ජීවිත කාලෙම වුණත් ඉන්න පුළුවන් ඒ තේරුම් ගැනීමත් එක්ක. අපි වෙන්වේවි කියලා හිතන්නත් බෑ. හදවත්වලින්, මනසින් වෙන්වීම ගැන හිතන්නත් බැහැ. ඒක යාළුකමක් විදිහට හරි එක දිගට පවත්වගෙන එන එක ගැන සතුටුයි. හදවත්වලින් අපි තාමත් යාළුවෝ. එහෙම ඉන්න එක පහසුයි. ඇත්තටම වෛරක්කාරයො බිහිකර ගන්නවට වඩා. ඒවා ඉතින් බලාගෙන ඉන්න බෑ මිනිස්සුන්ට. අපි ප්‍රසිද්ධ නිසා අපි ගැන හොයනවා වැඩියි. අපි ඒවා අහගෙන ඉන්නවා. වෙලාවකට හිනාත් යනවා. අතුලයි, හර්ෂයි කොහොමත් ඉස්සර ඉඳන්ම දන්නවා. අතුල හරිම ආදරේ කැරැක්ටර් එකක් හර්ෂ කියන්නේ. එයා ආසම කටහඬක් තියෙන්නේ හර්ෂට. ඇත්තටම අතුලයි හර්ෂ එක්ක තරහා වෙන්න ඕන. එහෙනම් චිරන්ත එක්කත් තරහා වෙන්න ඕන. එහෙම දෙයක් නෑ. වෙන්වුණාට පස්සේ කා එක්ක ජීවත් වුණත්, ඒ මනුස්සයත් එක්ක කතාබහ කරලා හොඳින් ඉන්න ලැබෙනව කියන්නේ කොච්චර දෙයක්ද? ඒ මනුස්සයගේ හදවත විශාලයි. එහෙම අයත් එක්ක ජීවත් වෙන්න පහසුයි.’ 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: