hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:01



මෙරට නව පරපුරේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර, නයනතාරා වික්‍රමාරච්චි නම ඉහළින්ම කියවෙනවා.

ඇගේ හුරුබුහුටි බව, සුන්දර හිනාව, සිත් ඇදගන්නා සුළු කතා විලාශය සහ දක්ෂ රංගන හැකියාව ඇගේ නම සෑහෙන දුරක් රැගෙන ගොස් අවසන්.

සරලවම කිව්වොත් ඇයව ආකර්ෂණීය චරිතයක් බවට පත්කරලා.

එලෙස රසික පිරිස අතර ජනප්‍රියත්වක් දිනූ ඇය, ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් අතරත් නිතර කතාබහට ලක්වන චරිතයක්.

නවක තාරකාවක් හැටියට ඒ විදියට ලැබෙන ප්‍රතිචාර ඈට සෑහෙන්න වටින බව අමුතුවෙන් කිවයුතු නෑ.

අනෝජා වීරසිංහ, නයනතාරා ගැන තබන ලද මේ සටහනත් ඊට සාක්ෂියි.

”නයනතාරා වික්‍රමාරච්චි අතිශයින්ම දක්ශයි.

ඒ වගේම නිවැරදි දෙයක් කරන්න තියෙන උවමනාව, විනය, නිහතමානී බව, මහපොලවේ හිටගෙන ඉන්න, සරල ගැහැනු ලමයෙක්. අභින රන්ගන වැඩමුලුවේ. අහින යෝග ආශ්‍රමයේ, ඉන්දියාවේ සිවානන්ද යෝග ආශ්‍රමයේ ඇය ඉගෙන ගනිද්දී, වගේම උපුල් සර්ගේ දෙපා ලග ඉදගෙන බවුන් වඩද්දී පැමිනි සිටි, සහභාගි වූ කිසි කෙනෙක් ලන්කාවේ අතිශයින්ම ජනප්‍රිය නිලිය ,දැක්කේ නැහැ. දැක්කේ පුන්චි දියනියක්. සොයුරියක්. එයයි ඇගේ විශේශත්වය.

ඈ මුහුනෙන් පෙන්වන සූක්ශ්ම ඉරියව් අතිශයින්ම විශිශ්ටයි.

දෙවෙනි ඉනිමට දොස් නොකියා ඉමූ. ඇය දැන් එහි රගපාන්නේ නැහැ. එහෙත් එම,නාට්‍යය සහ එහි පිරිස ගැන ඈ තුල තිබෙන්නේ ආදරයක් ගෞරවයක්. ඇගේ ප්‍රථම රන්ගනය. දැන් අපේ සිනමා හා ටෙලිනාට්‍ය අද්‍යක්ශකවරු කලයුත්තේ රටට බිහිවි තියන අතිශයින්ම විරල හැකියාවකට අවස්තාව දෙන එක.

ජීවීතයේ එක දවසක් ඈ ලැබූ හොද,අවස්ථාවක්. ඒවගේම බිමල්, කලනී වගේ විශිෂ්ඨයින් සමග රගපෑමට ලැබීමෙන් ඇයට පහසුවෙන් සහ ලලිත් ඇගේ දක්ශතාවයට ඉඩදීමෙන්, මා බොහෝ කලකට පෙර දුටු, ඇගේ හැකියාව ඔබ හැමට දකින්නට හැකිවී තිබෙනවා.

ඇය ජාත්‍යන්තරය දක්වා‍ යායුතු, යා හැකි උගත්, බුද්ධිමත්, විනය ගරුක කලාශිල්පිනියක්. අපගේ විශිෂ්ඨ අද්‍යක්ශකවරු වටේ ඉන්න යෙහෙලියන්ගෙන් එහා ගිහින් මෙම අතිදක්ශ චරිතාන්ග නිලිය දකීවා.

අනෝජා වීරසිංහ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: