hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:01



සිංහල ප්‍රේක්ෂකාගාරය උමතුවටත්, ඉමහත් පුදුමයටත් පත් කළ රංගනය ඉදිරිපත් කළේ අනෝමා ජනාදරී විසිනුයි.

සිංහල සිනමාවේ ප්‍රථම වරට පූර්ණ නිරුවත ප්‍රේක්ෂකාගාරයට පෙන්වූ නිළිය ලෙසයි අනෝමා ජනාදරී ඉතිහාසයට එක්වන්නෙ.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ද ඇගේ සැමියා වූ අශෝක හඳගම විසිනුයි. (පසුකාලීනව හඳගම, තමන්ට නියමිත පරිදි ගෙවීම් හෝ සිදු නොකළ බවටයි ජනාදරී චෝදනා එල්ල කරමින් සඳහන් කළේ.)

ජනාදරී මෙහි නිරූපණය කළේ සමාජයෙන් වහංව ජිවත් වන කාන්තාවකගේ චරිතයක්. ඇ

ය ඇතුළතින් කාන්තාවක් වුවත්, පිටතින් ඇය පුරුෂයෙක් ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටියා.

ජනාදරී මෙහි අතිශය සුන්දර හෝ ලස්සන කාන්තාවකගේ චරිතයක් සිදු නොකළ අතර, ඇය කතාවේ එන ලෙස අවලස්සන ගැහැනියක් වුණා.

ජනාදරී මෙන්ම, මහේන්ද්‍ර පෙරේරා, ඩබ්ලිව්. ජයසිරි වැනි රංගන ශිල්පින් ද මෙම චිත්‍රපටයේ සුවිශේෂී රංගනයක නියැලුණා.

තමන් සමඟ රඟපෑ, ඩබ්ලිව්. ජයසිරි ට අනෝමා ජනාදරී සමාජ මාධ්‍ය හරහා චෝදනාවක් එල්ල කර තිබූ අතර, දර්ශන් ධර්මරාජ් සමඟ සංසන්දනයක යෙදෙමින් ඩබ්ලිව්. ජයසිරි යනු, කාන්තාවන්ට අයුතු යෝජනා කරන්නෙක් බවට ජනාදරී චෝදනා කොට තිබුණා.

සමාජ මාධ්‍ය තුළ අතිශය සක්‍රීය චරිතයක් වන ජනාදරී නිරන්තරයෙන් ඇගේ අඩනිරුවත් සේයාරූ එහි පළ කරන අයුරු දැකගත හැකියි.

එසේම තමන් වෙතට ලැබෙන ප්‍රතිචාර සහ පෞද්ගලික පණිවුඩ පවා ඇය ඇගේ ගිණුමේ පළකරනු ලබනවා.

සිය පුනරුක්ති වැනි කෘති හරහාත් හඳගමට හා පවුලේ උදවියට දෙවරක් නොහිතා පහර දෙන්නත් ඇය ක්‍රියා කරලා තිබුණා.

සිය පුද්ගලික කෝන්තර ප්‍රසිද්ධියේ ලියන අනෝමා මෑතක ශලනි තාරකාගේ විවාහය ගැනත්, ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබුණා.

මේ සටහන ලියන්නට අලුත්ම හේතුව වූයේ ඇය නැවත වතාවක් හඳගමට ප්‍රහාර දියත් කොට තිබීමයි.

සිය මුහුණූ පොත හරහා සටහනක් පළ කරමින්, හඳගම විසින් අධ්‍යක්ෂණය කරන්නට යෙදුණු ඇල්බොරාදා චිත්‍රපටයට ජනාදරීය මෙසේ ප්‍රහාර දියත් කොට තිබුණා.

මේ ඇයගේ මුහුණුපොතේ පළ කර තිබු සටහනක්

ඇල් බොර දිය කියන්නේ නොබෙල් සම්මාන දිනපු කවියෙක්ව ස්ත්‍රී දුෂිතයෙක් බවට පත් කරන්න පජාති උත්සාහයක් ගත්තු චිත්‍රපටයක්!

නෙරුදාට කළ ඒ අවමනට සිනමාකරුවාට වන්දි ගෙවන්න සිද්ධ වුණේ ජීවිතයෙන්…සිනමා කරුවාගේ අධෝ මුඛයෙන් පිටවන වේරම්භ වාතයට ඉව අල්ලන අවිචාර බුද්ධි විහීන විනිසුරුවන් පිරිසක්

“…අහ්හ් මේ අපගේ නැහැයට ලං වන්නේ ඔහුගේ නිර්මාණ භාවිතාවේ ශ්‍රී දුර් ගන්ධයක්මැයි – එයම වේ අපගේ නිර්මාණකරණයේ ආභාසය…සුගන්ධය…” කියමින් ඔහුගේ කෘතියට අන් කෘති පහතට හෙළා ප්‍රශස්ථ ලකුණු දුන් අතර විකෘතකර හේතු පාඨයක් කියවූ තැනැත්තියක් මෙවර සම්මානය ‘සොරකම් නොකරණ අධ්‍යක්ෂකවරයෙකුටයි…’ කියමින් පාරම් බෑවාය.අනතුරුව ඇය සිනමාකරුවාගේ දෙපා අභියසටම ගොස් සම්මාන ප්‍රදානය කළාය ….(ඇත්තටම ඇය කී පරිදි අන් සිනමා කරුවන් සියල්ල සොරකමේ යන සිනමා කරුවන් ද…?)

මේ අතර සම්මාන ප්‍රදානයේ වැඩ සිටියවුන් මා දෙස නෙත් කොණින් බලා සිටියේ මම කුමක් හඟිනවා දැයි විමසමින් ය…

අවසානයේ අගැයුම් ලද සහය නිළිය වෙතට එළඹෙමින් මම ඇයට සුරත දිගු කළෙමි..

මම : සුභ පැතුම්..!

ඇය : (මගේ කම්මුල ඉඹිමින් ) මම ඔයාට කැමැතියි..මම ඔයාට ආදරෙයි…

(නිළියෝ-ගැහැණු කය නැත්නම් ඩිරෙක්ටර්ලා කරයි හුම්තේ ෆිල්ම්…)

ප.ලි. මල හෝන්තුවක් මැදින් ගියා පින්තුරය කැත වුණා.

මේ සටහනින් අනතුරුව ඇගේ තවත් සටහනක් ඇහැ ගැටුණා.

Trae Hicks ; Best Actor – විරල සිදුවීමක් නිසා මම මේ නළුවා රඟපෑ ‘ප්‍රාණ’ චිත්‍රපටය බලන්න පෙළඹුණා. මුළින්ම මම මේ නළුවාටත් රඟපෑමටත් සුභ පතනවා.

ඔබත් මේ චිත්‍රපටය නරම්බන්නම ඕනේ..ඉන් පසුව ඔබ සංසන්දනාත්මකව ‘අලබොරදා’නරඹන්න ඕනේ….ඔබ තීරණය කරාවි වඩාත් ප්‍රශස්ථ චිත්‍රපටය හරියටම මොකක් ද කියලා…

විනිසුරු මඬුල්ල ‘අලබොරාදා’වහල්ලු ටිකක් නිසා කූට උපක්‍රමයක් මෙහි දී පාවිච්චි කරනවා. ඒ තමයි අවශේෂ සම්මාන 5ක් ‘ප්‍රාණ’චිත්‍රපටයේ ඇඟේ ගහලා ප්‍රධාන ධාරාවේ සම්මාන වහල් හිමියාට පිරි නමන්න නිර්දේශ කරනවා.

මේ වහල්ලු කැමැති නම් මම කැමැති මේ දුෂිතයින් එක්කලා පසු විපරම් විචාරයකට එළඹෙන්න.

ඔය වගේ වහල් නින්දිත වැඩ කරන්න එපා යකුනේ…වඩා දක්ෂයින්ට තැන දීපල්ලා.තොපි කරණ තක්කඩි වැඩ කවදා හරි තොපිටම කැරකිලා එන බව මතක තියා ගනිල්ලා.

(සංජය නිර්මාල්,ඔබට ඇත්තේ හිත හදා ගැනීමට පමණයි !)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: