hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 5:27



මේනක කවදාවත් අත්විඳපු නැති හරි ලස්සන දවසක් ඒ විදයට ගෙවිල ගියා…

බෝඩිමට ඇවිත් වොෂ් එකකුත් දාගෙන හිතේ සතුටින් නිදාගන්න කියලා ඇඳට වැටෙද්දිම දුමින්ද කතාව පටන් ගත්තේ “දැන් ඉතිං හැමදාම ඔහොම ඩිනර් අවුට් යන්න තියාගන්න එපා හරිද,මට බෑ උබ එනකන් ඇහැරන් ඉන්න,අනිත් දවසෙ නම් දොරවල් වහලා මං නිදාගන්නවා,බලපන් රෑ 12ටත් කිට්ටුයි”

“හරි හරි බං හැමදාම නෑනෙ,මං මේ පලවෙනි පාරටනේ බං මෙහෙම ගියේ,අනික බං එහෙම ගියාම කාපු ගමන් එන්නත් බෑනෙ,උඹට තේරෙනවනේ බං මං කියන දේ”මේනක ටිකක් සීරියස් උනා..

“හරි හරි.. ඒකට කමක් නෑ,දැන් ඉතිං කියපන්කෝ විස්තර,කෙල්ල මොකද කියන්නේ..”දුමින්ද කතාව පැත්තකට දාල කෙල්ලගේ විස්තර අහන්න පටන් ගත්තා..

“එහෙම විශේෂයක් නෑ බං ඉතිං,වෙනදා වගේම තමා,කතාබහ කරන විදියෙන් නම් කෙල්ල මට ගොඩාක් කැමතියි බං,මං හිතන්නේ එයා මාව ටෙස්ට් කරනවා වගේ,ඒකයි තවම මට ආදරෙයි කිව්වෙත් නැත්තෙ”මේනක කිව්වා..

“ම්ම්..එහෙනම් ඒක තමා,උඹ ඉන්නෙ ටෙස්ටින් පීරියඩ් එකක,කෙල්ල එකපාර උඹට ආදරෙයි කියන්නෙ නැත්තෙ ඒක තමා,⁣එයා හැමදේකින්ම උඹව ටෙස්ට් කරනවා,ඒ හින්දා තමා තවම නංගිටවත් උඹ ගැන කියලා නැත්තෙ,ගෙවල් වලටත් කියන්න හදිසි වෙන්න එපා කිව්වෙ ඒක තමා,කොහොම වුනත් කෙල්ල සැටිස් නම් අනිවාරෙන් උඹට ඉකමනටම වචනෙ දෙයි,අනික උඹේ නරකක් නෑනෙ බං ඉතිං”දුමින්ද මේනකගේ හිත හදමින් එහෙම කිව්වා..

“ඔව් බං..මටත් ඒක දැන් තමා මීටර් වුනේ..හංසි මාව ටෙස්ට් කරනවා,මං එයා ගැන කෙයාර් කරන විදිය,කතා බහ කරන හැටි ඒ ඔක්කොම ගැන එයා ගොඩාක් හිතනවා,හැබැයි මට විශ්වාසයි එයා ඉක්මනටම මට ආදරෙයි කියලා කියනවා,මට ඒක දැනෙනවා”මේනක දුමින්ද දිහා බලමින් කිව්වා..

මේනක එහෙම කියද්දී දුමින්ද පොඩි හිනාවකුත් එක්ක “හරි දැන් නිදාගනින්කෝ,ඕවා හිත හිත ඉන්න ගියොත් අද නිදාගන්න වෙන්නෙ නෑ,හෙට වැඩට යන්නත් එපැයි,ගුඩ් නයිට්”දුමින්ද එහෙම කියල ඇඳට ගියා..

දුමින්ද නිදාගත්තට මේනකට නින්ද ගැන වැඩි කල්පනාවක නෑ…

මතක් වෙන්නෙම හංසිගෙ අත අල්ලන් හිටපු අන්තිම මොහොත…

අපරාදෙ මට දෙපාරක් නොහිතා එයාව කිස් කරන්න තිබ්බෙ… ඒත් එහෙම කරා නම් සමහරවිට එයා මං ගැන වැරදියට හිතන්නත් තිබ්බා… හ්ම්ම්ම්..එහෙමත් නෑ සමහරවිට එයා ඒකට කැමති වෙන්නත් තිබ්බා…අනෙ මන්දා මට තේරේන්නෙ නෑ…
කොහොමහරි කමක් නෑ… එයා අද ගොඩාක් ලස්සනයි… මේනක තනියම කල්පනා කරනගමන් තමන්ටම කියාගත්තේ මේනකගේ ෆෝන් එකෙ තිබුනු හංසිගේ ෆොටොස් එකින් එක බලන ගමන්….

ඇස් තවම ආදරෙන්..

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි දහතුන්වැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ. මේ නවකතාවේ දාහතරවැනි කොටස හෙට බලාපොරොත්තුවන්න..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: