hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 7:45



ඇඳට වෙලා කල්පනා කර කර හිටපු මේනකට තවත් මේක දරාගෙන ඉන්න අමාරුයි..මේනක හංසිට කෝල් එකක් ගත්තා.

රින්ස් යනවා කෝල් එක ආන්සර් කරන්න පරක්කු උන නිසා මේනක හිතුවා ආයේ කවදාවත් හංසිව එයාට හමුවෙන එකක් නෑ කියලා.

තවදුරටත් කඳුළු හංගන්න මේනකගේ ඇස් ඉඩ දුන්නේ නෑ..කෝල් එක කට් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී හංසි “හෙලෝ..” කිව්වා.

“වටෙන් එන්න දෙයක් නෑ..ඇයි ඔයා මට කතාකලේ කියලා කෙලින්ම කියන්න” හංසි එකපාරටම ඇහුව කතාවෙන් මේනක ටිකක් තිගැස්සුනා.

දැන් කොහොමද එක පාරටම මේක කියන්නේ..මේනකගේ තොලකට වේලෙන්න ගත්තා.. තෙත් උන ඇස් දෙක හොඳටම වේලිලා ගිහින්.

“මම ඔයාට ආදරෙයි කිව්වොත් ඔයා මොකද කියන්නේ “මේනකත් දෙපාරක් නොහිතා කෙලින්ම අහලා දැම්මා..

තප්පර කිහිපයක් නිහඬව ඉඳපු හංසි “මේක වෙන්නේ නෑ..කරුණාකරලා මට කතාකරන්න එපා ආයෙත්” හංසි එහෙම කියලා ෆෝන් එක කට් කළා.

මම මේක අහන්න ඉක්මන් උනාද මන්දා මේනක අයෙත් ඇඳට වෙලා කල්පනා කරන්න පටන් ගත්තා..

වෙන කර කියා ගන්න දෙයක් මේනකට තිබුණේ නෑ යාළුවට මේ ගැන කියනවා හැර “මචං..හංසි බෑ කිව්වා බං” මේනක අඬන්න ඔන්න මෙන්න..

“හරි කලබල වෙන්න එපා මචං අපි පොඩ්ඩක් බලමු, මමත් කියල බලන්නන්” යාලුවගෙන් ආපු සුභවාදී උත්තරය නිසා හුස්මක් හෙලපු මේනක ෆෝන් එක පැත්තකින් තියලා කාමරයෙන් එලියට ආවා..

එදා හරි ලස්සනට හඳ පායලා තිබුණා.. ඒ එළිය කෙලින්ම කාමරේ ජනේලෙන් වැටෙන්නේ මේනකගේ ඇඳට.. මතක් වෙන්නෙම හංසිගේ මුණ..කල්පනා කර කර ඉද්දි මේනකට ගෙදරත් මතක් වෙනවා…

මොන දේ කලත් අපු වැඩේ ගොඩ දාගන්නම වෙනවා..කාලය ගතවුණා. හංසිගෙන් කිසිම ආන්සර් එකක් නෑ..හැබැයි මේනකගේ යාලුවෝ නිතරම හංසිට මේනක ගැන තෙල බෙදන්න පටන් ගත්තා… නමුත් හංසි ආයෙත් මේනකට කතාකරන්න හදිස්සි උනේ නෑ..

මේනක කැම්පස් යන ගමන් පොඩි ජොබ් කට්ටකුත් කළා. ඔෆිස් ගියාම මේනකට ටිකක් හංසිව මග හැරෙනවා. ඒකටත් හේතුවක් තිබ්බා..ගිනිපෙලේල්ලෙන් බැට කාපු මේනක කලා මැදිරි එළියටත් බය නිසා ඒ ගැන වැඩිය හිතන්න ගියේ නෑ..

මේ අතරවාරෙදි හංසි ලංකාවට ඇවිත් කියලත් මේනකට ආරංචි උනා..ඒ ඇස් කවදා දකින්න ලැබෙයිද කියල මේනක කල්පනා කරපු වාර අනන්තයි..

ලංකාවට ආපු හංසි වෙඩින් එකකට ගිය ෆොටෝ එකක් එයාගේ වට්සැප් එකේ දාලා තිබ්බා. මේනක මේ ෆොටෝ එකට නිකමට ලයික් එකක් දැම්මා..”තැනක් යු අයියේ..” හංසි එව්වේ එහෙම උතරයක්..

මෙච්චර කල් දහසක් බලාපොරොත්තු සුන් වෙලා ගියා වගේ හිටපු මේනකගේ හදවත ආදරෙන් පිරුණා…

දවස් දෙකතුනකට පස්සේ ඔෆිස් එකේ ඉන්නකොට හංසිගේ ෆෝන් එකෙන් කෝල් එකක් ආවා..

වෙලාව දවල් දොළහට විතර ඇති.ඒ වෙලාවේ මේනකගේ හදවතට දැනුනේ අමුතුම හැඟීමක්…
කවදාවත් බලාපොරොත්තු නොවුන දෙයක්..
දෙපාරක් හිතන්නේ නැතුව මේනක ෆෝන් එක ආන්සර් කළා..

“අයියේ හන්සිට කරදරයක්” මේනකට ඇහුනේ හංසිගේ යාලුවෙක්ගේ කටහඬක්…

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි දෙවැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: