hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 02, පෙ.ව. 8:52



පටලාගත් දෑත් ගලවා ගැනීම පටලාගත් සේම පහසු වූයේ නැත.

අසුන් වලින් නැගිටීමට දෙදෙනාම වරින් වර උත්සාහ කලද කුමක් හෝ කතාවකින් යළිත් ඔවුන් ලංව ආයෙමත් කතාබහේ යෙදෙන්නට විය.

තවත් රෑ වුනොත් තාත්තාගෙන් බැනුම් අසන්නට වන බව හංසි හොඳින්ම දන්නීය.

ඉක්මන් වූ හංසි මේනකගේ අතින්ම අල්ලා අසුනින් නැගිට පිටව යන්නට සූදානම් වූවාය.

මාත් එන්නම් ඔයත් එක්ක..දැන් හැන්දෑ වෙලානෙ..මගට එනකන් එන්නම්..

මේනකට යා හැකි උපරිම දුර වන්නේ රාගමට පමණි.එතැන් සිට හංසිගේ ගෙදරට මහලොකු දුරක් නැත.

ඔයා ආපහු එන්නත් එපැයි..රෑ වෙනවනෙ..කමක් නෑ මං තනියම යන්නම්..”හංසි වචන වලින් එසේ පැවසුවත් ඇගේ ඇස් “අනේ මාත් එක්ක එන්න” යැයි ඉඟි කල අයුරු මේනක හොඳින්ම දුටුවේය.

දැන් හංසිගේ දෙනෙත් ඉඟි කරන දේ මේනකට සඟවන්නට බැරිය.සෘජුව ප්‍රකාශ කරන්න බැරි බොහෝ දේ ගැහුනුන් කියාපාන්නේ ඇස් වලිනි.

ආයාචනය තේරුම්ගත් මේනකද ඇයත් සමඟම බසයට ගොඩවුනේ මිනිත්තු 30ක පමණ ගමනකටය.

නමුත් සන්ධ්‍යා යාමයක් වූ නිසාත් වාහන තදබදය නිසාත් එය මිනිත්තු 45 ක පමණ ගමනක් විය.

එය පැය දෙකක් වූවත් ඔවුනට නම් කම්නැත.ජනේලයක් අයිනක හිඳගත් හංසි අසලින්ම හිඳගැනීමට මේනකටද හැකිවිය.

හෝරා කිහිපයක් බොහෝදේ කතා කල ඔවුනට වැඩි යමක් කතා කරන්න ඉතිරිව තිබුනේ නැත.

හංසි මේනකගේ අත තදින් අල්ලාගෙන ⁣ජනේලයෙන් ඉවත බලා උන්නාය.

ජනේලයෙන් එන සුලඟට ඇගේ කෙසේ වේගයෙන් විත් මේනනගේ මුහුණේ දැවටෙන්නට විය.

ඇතැම් ඒවා ඔහුගේ දෙතොල් අතර පවා පැටලෙන්නට විය.

හංසි තම අනෙක් අතින් සුලඟට විහිදී යන ඇගේ හිසකෙස් ගෙන උරහිසට උඩින් තබාගත්තේ මේනක දෙස මද සිනහවක් පාමිනී.

දැන් ඇගේ එක් උරහිසක් කොණ්ඩයෙන් වැසී ඇත.

අනෙක් උරහිස විවෘතව පැවති අතර තම රිදී පැහැති ගෙල පැළඳි මාලය නිසා ඇගේ ලැම දිලිසෙන්නට විය.

ඇගේ සිරුරේ පැහැයට ඈ හැඳ සිටි ගවුමත් පැළඳ සිටි මාලයත් කදිම විය.

පුරුදු ලෙසින් මේනක ඇගේ මාලය ස්පර්ශ කරේ දෑගිලි ලැම මතින් ඇදී යන සේය.

හෙට අලුත් අවුරුද්දක් නේද අයියේ..මං හෙට උදේම එන්නම්..අවුරුද්දෙ පලවෙනිම දවසෙ මාව උදෙන්ම දකින එක ඔයාටත් හොඳයිනෙ..”

හංසි සිනහා වෙමින් මේකනගේ උරහිස මතින් තම හිස තබමින් පැවසුවාය.

ඔව්..පුලුවන්නම් වෙනදාටත් කලින්ම එන්න බලන්න..මාත් කැමතියි උදේම ඔයාව දකින්න..

අඳුර වැටෙනවාත් සමගම ගමනාන්තයට කෙමෙන් ලංවූ විට උරහිසේ නිදාසිටි හංසි හරිබැරි ගැහී නැඟීසිටියේ තවත් ඒ සඳහා වෙලාවක් නොමැති හෙයිනි.

බස් රථය රාගමට කිට්ටු වද්දීම “දැන් බහින්න ලඟයි..මං බැහැලා තනියම යන්නම්..ඔයත් පරිස්සමට යන්න” හංසි පැවසවේ අසුනින් නැගිටින ගමන්ය.

හෙට දවසේ ලස්සන දෙයක් වෙයි කියලා මගේ හිත කියනවා..කෝකටත් උදේම එන්නකෝ..පරිස්සමින් යන්න”

ඇගේ හිස අතගාමින් මේනක ඇයට සමුදුන්නේය…

ඇස් තවම ආදරෙන්…

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි විසි හත් වැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ.මේ නවකතාවේ විසි අට වැනි කොටස හෙට බලාපොරොත්තුවන්න..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: