hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 8:31



“හෙලෝ හංසි” මේනක කාලෙකට පස්සෙ කටහඬ අහන්න ආසාවෙන් කතා කළා..

“අයියේ මම හංසිගේ යාළුවා” චතූ මේනකට එහෙම කිව්වා..

“ඔව් නංගි…කියන්න මොකද උනේ”මේනක ඇහුවෙ හංසිට වුණේ මොකක්ද කියල බලාගන්න තිබ්බ උනන්දුව නිසා…

මේනක හීනෙකින්වත් කැමති උනේ නෑ හංසිට පොඩි හරි කරදරයක් වෙනවට…ඒ තරම්ම මේනක හංසිට ආදරෙයි…මේනකගේ ජිවිතේම හංසි.. පොඩ්ඩක් වත් ඒ ආදරෙන් මිදෙන්න මේනක කැමති උනේ නෑ…

“අයියේ ලෙච්චර් හෝල් එකේදි ඇලජි එකක් ඇවිල්ලා හංසිට පොඩ්ඩක් අමාරු උනා..”චතූ කිව්වා.

“දැන් ඔයාල කොහෙද ඉන්නෙ”මේනක දැඩි කුතුහලයෙන් ඇහුවා.

“අපි ඉන්නෙ මෙඩිකල් සෙන්ටර් එකේ අයියේ..අයියේ ඔයාට මේක හොද අවස්ථාවක් හංසිට තියන ආදරය පෙන්නන්න..ඉක්මනින් එන්න..

“චතුත් එහෙම කිව්වෙ මේනක කොහොමහරි කැම්පස් එකට ගෙන්න ගන්න ඕන හන්දා මොකද චතූ හංසිට මේ මොහොතෙත් මේනක ගැන කියල තෙල බෙදන්න පටන් අරගෙනයි තිබුණේ..ඒ අතරෙ හංසි චතූට කිව්වෙ පුදුම හිතෙන කතාවක්..

“ඔච්චර උවමනාවක් තියනවනන් ඉක්මනට එන්න එපැයි…මැරුණත් ඔච්චරයි”හංසි චතුට එහෙම කිව්වෙ චතු මේනක ගැන බෙදන තෙල නවත්තගන්න බැරිම තැන…

“හරි නංගි මම එනවා..ෆෝන් එක ඔයා ළඟම තියාගන්න”මේනක චතූට කිව්වා..

මේනකගෙ ඔෆිස් එක තිබුණේ කොළඹ. ඔෆිස් එකේ වැඩ සේරම දාල මේනක ඉක්මනින්ම මරදාන ස්ටේශන් එකට අවා..බස් එකේ කැලණියට යන්න ගියොත් ටිකක් වෙලා යන නිසා..

එදා කොළඹට මොර සූරන වැස්ස..මේනක බොහොම අමරුවෙන් මරදානෙන් බැහැලා ස්ටේශන් එකට ආවේ…

ආපු පළවෙනි කෝච්චියෙන්ම මේනක කැලණියට ආවා..කැලණියෙන් බැහැලා බස් එකේ කැම්පස් එක ලගට එද්දිත් මහා වරුසාවක් කැම්පස් එක දිහාවට..

බස් එකෙන් බහින්න බැරි තරම්ම පාරෙ වතුර පිරිලා.. මේනක කලිසම් කකුල් දෙක උස්ස ගත්තා..ඕන එකක් වෙන්න කියල මෙඩිකල් සෙන්ටර් එකටම ගියා. යනකොට හංසි ඉන්නව ඇදක හාන්සි වෙලා..

මේනකට මුලු ලෝකෙම කඩාගෙන වැටුණා වගේ හැඟීමක් ආවා.. හෙමීට ඇඳ ළඟට ළ්ං වුණා. ඒ ඇස් මේනක දිහා බලාගෙන ඉන්නවා…හරිම අනුකම්පාවෙන්.. මේනකට වෙන මොකුත්ම මතක නැතුව ගියා…

මෙච්චර කල් ළඟට දැකල තිබ්බෙ නැති..කටහඩ විතරක්ම ඇහුන ආදරය දැන් මේනකගෙ ඇස් ඉදිරිපිට තියනවා..ඒක කවදාවත් මේනක බලාපොරොත්තු නොවුණ දෙයක්..මේනක කාටත් නොදැනි හංසි ගාවට ළං වුණා… මේනකට දැනුණේ කාලයක ඉදලා එන ආත්මීය බැදීමක් විදිහට….

ඒ ඇස් දෙකට මේනක පුදුම විදිහට ආදරය කළා..ඒත් හංසි එක පාරක් බැලුවට පස්සේ ආයෙත් එක පාරටම මේනකගෙ ඇස් දිහා බැලුවෙ නෑ…

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි තෙවැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ. සිව්වැනි කොටස හෙට බලාපොරොත්තුවන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: