hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 06, පෙ.ව. 8:35



සීයාට කලින් ඉඳන් ටිකක් අසනීපෙන් හිටියෙ,ඊයේ ටෙස්ට් වගයක් කරා,රිපෝට්ස් එන්න නම් කල් යයි,බෙහෙත් අරගෙන ගෙදර ආවා,පව් අයියේ මං සීයාට තමා වැඩියෙන්ම ආදරේ..”

“සීයට ඉක්මනට සනීප වෙයි,වැඩිය හිතන්න එපා,ඔය වයසෙදී කොහොමත් නිතර නිතර අසනීප වෙනවනෙ.”
හංසිගේ හිත සනසා මද වේලාවක් ඈ සමග ගත කරමින් මේනක පිටත්ව ගියේ තම දුරකථනයට ආ ඇමතුමක්ද ආන්ස්වර් කරමිනි.

හෙලෝ ලාමා.. ගුඩ් මෝනිං,මොකද උදේ පාන්දරම..

ගුඩ් මෝනිං මේනා..මං අද මේ කොළඹ එනවා,උඹලගේ බෝඩිමේ රෑට ඉන්න බලන් එන්නේ..හවස 2 විතර වෙද්දී එන්න පුලවන්

ලාමා යනු තම නේවාසිකාගාරයේ වසර හතරක් පුරාවට තමන් සමග එකම කාමරයේ සිටි හොඳම මිතුරාය.

ඔහුගේ සැබෑ නම නම් දමිත්ය.

අනුරාධපුරයේ ජීවත් වන ඔහු නැවත මේනක මුනගැහෙන්නට එන්නේ වසරකට ආසන්න කාලයක් ගතවීමෙන් පසුවයි.

තම මිතුරා කලකට පසු මුනගැ⁣සීම මේනකට ඉමහත් සතුටක් විය.

ඔවුන්ට කතා කරන්න බොහෝ දේ ඇත.

වසර හතරක් දුක සැප බෙදාහදා ගත් සේම ඉදිරියටත් ඔවුනොවුන් ඕනෑම දේකට සිටින බව ඔවුන්ගේ මිත්‍රත්වයේ බැඳීම තහවුරු කර තිබුණි.
මං හිතුවේ උඹ ගියා ගියාමයි ආයේ මේ පැත්ත පලාතෙවත් එන්නෙ නැති වෙයි කියලා,මං එද්දී නම් 6 විතර වෙයි,උඹ ඇවිල්ලා වැඩ ටික කරගෙන අපේ බෝඩිමට යමං,මං පාර කියන්නම්ය,තුර තියෙන තැනත් කියන්නම්.”

හරි බං මං ඇවිල්ලා මගේ වැඩටික ඉවර කරගෙන කෝල් එකක් දෙන්නම්.

එළ පරිස්සමෙන් වරෙන් මචං..”

කලකට පසු මිතුරා මුනගැසීම නම් සාමාන්‍ය ලෙසකින් සැමරීමට නම් මේනක සූදානම් නොවීය.

බෙදාහදා ගැනීමට මෙන්ම කතාබහ කිරීමටද බොහෝ දේ ඇතිකොට ඒ සඳහා ගැලපෙන පරිසරයක් නිර්මාණය කරගැනීමට බොහෝ පිරිමින් පුරුදුව සිටියි.

දුමින්දට ඇමතුමක් ගත් මේනක පවසා සිටියේ අද රාත්‍රියේ කෑම පිළියෙල කිරීම අවශ්‍ය නොවන බනත් තුන්දෙනාම එලියෙන් කමු කියාත්ය.

නමුත් ඊට දුමින්දගෙන් ලැ⁣බුනේ වෙනස් පිලිතුරකි.

මොකටද බං එලියෙන් කන්නෙ..මං හදන්නම් ස්පෙෂල් කෑමක් අද,කඩෙන් කනවාට වඩා සුපිරියට හදලා දෙන්නම්.”

දුමින්දට හොඳට කෑම හදන්න පුලුවන් බව මේනක දැන සිටියේ ඔහු තමන්ගේ බෝඩිමට ආ පසුය.

දුමින්දව හඳුනාගෙන වැඩි කලක් නොවූවත් ඔහු තමන්ට හොඳ මිතුරෙක් විය.

එනිසාම රාත්‍රියේ දුමින්දගේ ස්පෙෂල් කෑමට එක පයින්ම මේනකද එකඟවුණි.

බබා මං බෝඩිමට ආවා,වොශ් එකක් දාගෙන කැම්පස් එක පැත්තට යන්න ඉන්නෙ ලාමා එක්ක.

වැඩ ඇරී බෝඩිමට ආ ගමන් මේනක හංසිට ඇමතුමක් අරන් එසේ පැවසුවේ රාත්‍රියේ වෙනදා මෙන් ඇය සමග කතා කිරීමට නොහැකි බව අඟවමිනි.

ම්ම්.. එහෙනම් ඉතිං අද එලිවෙනකන්ම එන්නෙ නැතිවෙයි,කාලෙකට පස්සෙනෙ යාලුවෝ සෙට් වෙන්නෙ නේ⁣ද,හැබැයි බීලා මහ රෑට නම් කොල් ගන්න එපා හරිද,මතක තියාගන්න හෙට වැඩට යන්න ඕනා කියලා”.දැඩි ස්වරයකින් වුවත් ඇය එලෙස පැවසුවේ ආද⁣රයෙනි.

දුමින්දට ලාමා ව හඳුන්වා දෙමින් දුමින්දටත් ස්පෙෂල් කෑමට උදව් කිරීමට මේනක සූදානම් විය.

මේ මං කෑම ටික හදාගෙන එන්නම්උ,බලා කරදර වෙන්න එපා,වොශ් එකක් දාගෙන උබලා දෙන්න යන්න,මං මේක හදාගෙන අරන් එන්නම්,කතා කරන්නත් ගොඩාක් දේවල් ඇතිනෙ.

දුමින්ද පැවසුවේ පුටුවක් උඩ වූ තුවායද මේනකගේ ඇඟට විසි කරමිනි.

නාගෙන අවසන් වූ මේනක හා ලාමා අතට ගත් බියර් බොතල්ද සමඟ පිටව ගියේ අවස්තාවට ගැලපෙන විශ්වවිද්‍යාලයේ බොහෝ දෙනෙකුගේ හිත නිවන ස්ථානයක් වූ තට්ටු 8 ගොඩනැඟිල්ලක ඉහළම මාලයේ විශාල බැල්කනියකටයි.

රාත්‍රියට බොහෝ පෙම්වතුන් පෙම්සුව විඳින්නත් මධුවිතෙන් මත්වන්නන් ඒ රස විඳින්නත් මේ ගොඩනැගිල්ලට ගොඩවීම සාමාන්‍ය දෙයකි.

ඈතින් පෙනෙන කොළඹ වරාය රාත්‍රිය⁣ට විදුලි ආලෝකයෙන් බැබලීම එතනට දිස්වන්නේ මනස්කාන්ත ලෙසිනි.

වේගයෙන් හමන සීතල සුළඟ මෙන්ම අහසේ පායන තරුද මෙහි රැඳෙන ඕනෑම කෙනෙකුට ලබාදෙන්නේ කිසිදා අමතක නොවන මහත් වූ ආශ්වාදයකි.

ඇස් තවම ආදරෙන්…

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි තිස් එක් වැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ.මේ නවකතාවේ තිස් දෙවැනි කොටස හෙට බලාපොරොත්තුවන්න..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: