hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 07, පෙ.ව. 7:50



සෑහෙන කාලෙකින් අපි මෙතනට ආවේ,උඹට මතකද අපි අන්තිමට මෙතන සෙට් වුන දවස,ඒවා හරි සුන්දර දවස් බං සල්ලි වලට ගන්න බැරි”
තම මිතුරා සමඟ සංවාදය අරඹමින් මේනක පැවසුවේ බැල්කනියේ කෙළවරක බැම්මක සුවපහසුවට හිඳගනිමිනි.

“⁣අපි හරි වාසනාවන්තයි බං,ඒ වගේම කැම්පස් එකට බොහොම පිං බං රටේ එක එක තැන්වල ජීවත් වුනු අපිව මුනගස්සලා මේ වගේ ලස්සන මතක වලින් අපේ හිත් පිරෙව්වාට“බියර් උගුරු කීපයක් එකවර බොන ගමන් ලාමා පැවසීය.

වරින්වර මේනකගේ දුරකතනය නාදවුනේ හංසිගේ කෙටි පණිවිඩ වලටය.

ගොඩාක් රෑ වෙනකන් ඉන්නෙ නැතුව පරිස්සමට බොඩිමට යන්න.” යනුවෙන් හංසිගෙන් පණිවිඩ කීපයක්ම ආවේය.

කවුද කෙල්ල,උබ කිව්වෙවත් නෑනෙ.
ලාමා ඇසීය.

ජූනියර් කෙනෙක්,උඹට කියන්න තරම් වැඩි කාලයක් නෑ බං අපි යාලු වෙලා.දිග කතාවක් ඉතිං ඒක.” මේනක හංසිගේ

ඡායාරූපයක් පෙන්වන ගමන් ඔහුට පැවසීය.

කෙල්ල නම් ගොඩාක් ලස්සනයි.උඹට මාර මැචිං.

මැච් වෙන හින්දනෙ බං හිත ගියේ”

“⁣ආදරේ කියන්නේ මහා වගකීමක් බං මේනා.ඕක ඇස් දෙකට පේන තරම් ලේසි නෑ.ඒක අපේ ජීවිත ඕනාවට වඩා කාර්යබහුල කරනවා.තනිකමට ඇබ්බැහි වුන මිනිහෙක්ට නම් ආදරේ කියන්නෙ මහා පිස්සුවක්,ඒත් මින්සුන්ට ආදරේ ඕනා,ඒකයි ගොඩාක් උන් ආදරේ හොයාගෙන පස්සෙන් යන්නෙ,ගිහින් අතරමං වෙන එවුනුත් ඉන්නවා,ඒ නිසා පරිස්සමට ඉස්සරහට යමන්, අපි දන්නෙ නෑ අපේ ජීවිතවලට ඇත්තටම මොනවද උරුම කියලා,කිසිම දෙයක් ගැන ඕනාවට වඩා බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන්න එපා.”

ලාමා කවදත් ගැඹුරින් හිතන කෙනෙකි.

ඔහු මෙවන් අවස්තාවක මෙවැනි දෙයක් කීම ගැන මේනක බලාපොරොත්තු විය.

ඔහු පැවසූ සියල්ල ඇත්ත බව මේනක තේරුම් ගත්තේ ඔහුගේ පැහැදිලි කිරීම් කන හරහා මොලයටම යන නිසාය.

දුමින්ද කෑමද රැගෙන අටවෙනි මහලේ ඔවුන් රැඳීසිටි ස්ථානයට ආවේ ඔය අතර වරේය.

මැදියම් රැය වනතෙක්ම ඔවුන් සිය ජීවිත අත්දැකීම් හා අනාගතය ගැන බොහෝ දේ කතා කරමින් කාලය ගතකරේ එතනින්

පිටව යාමට තරම් හැඟීමක් නොආ හෙයිනි.

හෝරා කිහිපයක් ගත කරමින් ජීවිතය ගැන ආදරය ගැන ඔවුන් බෙදාහදා ගත් දෑ බොහෝය.

ලාමා පසුදා උදෑසනම නැවත යා යුතුය.

දුමින්ද හා මේනකටත් හෙට උදේ රැකියවට යාමට ඇත.

ඔවුනගේ සතුටු සාමීචිය නිමා කරන්නට වූ හේතු ඒවාය.

ඇස් තවම ආදරෙන්…

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි තිස් දෙවැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ.මේ නවකතාවේ තිස් තුන් වැනි කොටස හෙට බලාපොරොත්තුවන්න..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: