hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 08, පෙ.ව. 8:43



“මං හිතුනේ නෑ ඔයා අද වෙලාවට එයි කියලා,ඊයේ රෑ වෙනකන් කට්ටිය සෙට් වෙලානෙ හිටියේ,ලාමා අයියා ගියාද ?”

පසුදා හංසි සුපරුදු තැනදි සුපුරුදු ලෙසින් හමුවී ඇසුවාය.

ඔව් එයා උදේම ගියා,ආයේ එයි දවසක,නැත්තං අපි එහෙ යන්න කියලා කතා වුනේ,ඇවිදලා කරලා එන්න“.

ම්ම්.. ඒක හොඳයි වෙනසකටත් එක්ක,මං කියන්න හිටියෙ අයියේ අපි අද ශොපින් කරන්න යන්න ඉන්නෙ යාලුවෝ එක්ක හවස,අපේ සීනියර්ස්ලට ගොයින්ග් ඩවුන් පාටි එක තියනවා,ඒකට අඳින්න මොනවාහරි ගන්න එපැයි,ඔයාත් පුලුවන්නම් එන්නකෝ”

මට නම් බැරිවෙයි බබා,මේ දවස් වල වැඩ ටිකක් වැඩියි,ඔයාලා ගිහින් එන්න,මං පාටි එක දවසට එන්නම් ඇවිල්ලා යන්න“.

රැකියාවත් සමඟ කාර්යබහුල වීම නිසා හංසි සමඟ ගතකිරීමට තිබූ තවත් සුන්දර මොහොතක් ඔහුට එලෙසින් මගහැරුනි.

නමුත් කෙසේ හෝ පසුදින සාදයට පැමිණිය යුතු බවට වූ ඇගේ දැඩි ඉල්ලීම නම් ඔහුට ප්‍රතික්ෂේප කල නොහැකි විය.

හිෂාම් බායි..හෙට මම පැයක් කලින් යනවා,උඹට පුලුවන්නෙ මෙතන වැඩටික මැනේජ් කරගන්න..?”

අවුලක් නෑ උඹ යමන් ,කෙල්ල එක්ක ඩිනර් අවුට්ද ?’

නෑ බං.. හෙට එයාලගේ පොඩි පාටි එකක් තියනවා,මාත් පොඩ්ඩක් ගිහින් ඔලුව දාලා එන්න කියලා බැලුවේ.”

“නෝ ප්‍රොබ්ලම්,අයි විල් මැනේජ් දීස් ඈස් යූසුවල්’

“තෑන්ක්ස් බ්‍රෝ ..”

හංසි ඔහුට පහුවදා සාදායට ආරාධනා කලත් ඊට සහභාගී වීමට නම් ඔහු තුල වැඩි කැමැත්තක් නොවීය.

ඔහුට සැබැවින්ම අවශ්‍ය වුනේ ඇය සමග කාලය ගතකිරීමටයි.

තමන් තවදුරටත් විශ්වවිද්‍යාල ශිෂයෙක් නොවීම නිසාත් තමන් සහ හංසි ගැනත් එවිට සියල්ලන් දැනගන්නා නිසාත් තමන්ද සාදයට සම්බන්ධ වීම එතරම් සුදුස නැතිබව ඔහු සිතීය.

හංසි රාත්‍රියේ දුරකතන සංවාදය අරඹමින් “ඔයා දැන් හෙට වේලාසන එනවා නේද අයියේ” ඇසුවාය.

ම්ම්.. එනවා එනවා,බට් මම එලියෙ ඉන්නම්ඔ,යාව බලලා යන්න එන්නෙ මං ,මාත් ඇතුලට ආවොත් හරිනෑනෙ,හැමෝම අපි ගැන දැනගන්නවනේ.”

ඔව් ඒකනම් ඇත්ත හැබැයි,ඔයා ඇවිල්ලා මට කතා කරන්න,මං එන්නම් එලියට.

හෙට රෑට ගෙදර යනවාද ? නැත්තං යාලුවගේ බෝඩිමේ නතර වෙනවාද

ගෙදර යන්න බෑ අයියේ,තාත්තට කරදර කරන්න බෑනේ මහ රෑට එක්කන් යන්න එන්න කියලා,චතූගේ බෝඩිමේ ඉන්නවා.”

“ආ ඒ කියන්නෙ,මටනේ ඇරලවන්න වෙන්නෙ එහෙනම් දෙන්නවම”

පසුදා රාත්‍රිය ⁣වනතෙක් මේනකගේ හිතේ තිබුනේ දැඩි නොඉවසිල්ලකි…

ඇගේ ලස්සන විවිධාකාරයෙන් දැක තිබුනත් ඔහු ඇයව ලස්සනට දකින්න පුලුවන් කිසිම අවසතාවක් මග හැරගැනීමට කැමති වූයේ නැත…

ඇස් තවම ආදරෙන්…

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි තිස් තුන් වැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ.මේ නවකතාවේ තිස් හතර වැනි කොටස හෙට බලාපොරොත්තුවන්න..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: