hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 09, පෙ.ව. 9:31



දුමින්ද මං යනවා හංසිව මීට් වෙන්න,එද්දී රෑ වෙයි,දොර ලොක් කරන්න එපා”

“වහින්නත් වගේ… උඹට නාගෙන එන්න වෙයි.”

ඔෆිස් එකෙන් වේලාසන ආවත් මේනක කැම්පස් එකට ගියේ බොහෝ රෑ වීය.

ඒ වන විටත් හංසිගෙන් කෙටි පණිවිඩ රැසක් විය.

රාත්‍රී 9ට පමන විශ්වවිද්‍යාලයේ සාදය පැවැත්වෙන ස්ථානයට ගිය ඔහු එම ගොඩනැගිල්ල අසල තිබූ නා ගසක් යට වූ ගල් බංකුවක හිඳගත්තේ දිගු හුස්මක් හෙලමිනි.

මේනකට කිසිදා නොදැනුන සැහැල්ලු හැඟීමක් ඒ මොහොතේ ඔහුට දැනෙන්නට විය.

ඒ සැහැල්ලු බවට ඔහු තරු පිරි අහස දෙස බලාගෙන තනිව පිළිතුරු සෙව්වේය.

ඒ වනවිටත් සාදයේ DJ සංගීතය ආරම්භ වී තිබිණි.

සියල්ලන් විනොදෙන් නටන වෙලාවක හංසිගේ සතුටට බාධා කිරීමට ඔහු සිතුවේ නැත.

ඇතැමුන් වරින් වර එලියට පැමිණ ඡායාරූප ගනිති.

මත්වූ ඇතැම් පිරිමි ළමුන් එළියේ බිම තණමත වැතිර සිංදු කියමින් වෙනමම ආශ්වාදයක් ලබති.

ගල්බංකුව උඩට වී මේ දෙස බලා සිටි මේනකට මීට වසරකට පමණ ඉහතදී තමන්ද මෙවැනි වූ අත්දැකීම් ලද හැටි ගැන ආවර්ජනය කලේ ඉමහත් සතුටු සිතකිනි.

රාත්‍රී 10ට පමණ මෙනකට හංසිගෙන් ඇමතුමක් ආවේ ගල් බංකුව උඩ නින්දත් නොනින්දත් අතර අඩවන් සිහියක ඉන්නා වෙලාවේදීය.

අයියේ ඔයා එන්නෙ නැද්ද?තවම බෝඩිමේද ?”

මං ඇවිල්ලා ඉන්නෙ,නා ගහ යට ගල් බංකුවේ ඉන්නෙ,ඔයා තව ටිකක් ඉඳලා එන්න,මං මෙතන ඉන්නම්.

මං මේ ඔයා ඇවිල්ලා කෝල් කරනකං බලන් ඉන්නවා,පිස්සුනෙ ඔයාට,ඔහොම ඉන්න මං එන්නම් එලියට“.

DJ සංගීතය මැදින් එලියට ආ හංසි හඳ එළිය දිගේ නා ගස අසලට ආවේ දෙපසේ අඳුර මැදිනි.

කලු පැහැති ඇඳුමකින් සැරසී කොණ්ඩය මැදින් බෙදා පීරා තිබු ඇගේ තොල් ලා රතු පැහැයෙන් වර්ණ ගැන්වී තිබුණි.

වෙනදා ඇගෙන් නොදකින අමුතු සුන්දරත්වයක් මේනකට ඈ තුලින් පෙනෙන්නට වූයේ අඳුර මැදින් ඈ දිලිසි දිලිසි එන විටය.

ඈ ලඟට එනවාත් සමඟම ගල් බංකුවෙන් නැගිට මේනක ඇය අසලට ගියේ තම දෑත් ඇය දෙසට දිගුකරමිණි.

ලඟට ලංවූ මෙනකට ඇය තුරුලු වුනේ සිය දෑස් අඩවන් කරගනිමිනි.

ඇයි ඇවිල්ලා කතා කරේ නැත්තෙ,මෙතනට වෙලා තනියම ඉන්නෙ නැතුව කතා කරානම් මම එනවානේ” දෑස් පියාගෙනම තුරුලේ සිටි ඇය හීන් හඬින් ඇසුවාය.

හංසි මේනකට වඩා තරමක් මිටි වු අතර ඇගේ හිස උඩින් තම නිකට තබාගත් මේනක “මං කතා කරා නම් ඔයාට තව නටන්න වෙන්නේ නෑනෙ,ඔයාගේ විනෝදෙට බාධා කරන්න හොඳ නැති නිසයි කතා නොකළේ.” යනුවෙන් ඈව තවත් තම ඇඟට තද කරගනිමින් පැවුසුවේය.

ඇගේ පිට අතගාමින් සියුම් ස්පර්ශයක යෙදුන මේනකගේ අත් දහඩියෙන් තෙත් වී ගියේය.

ඔයා නම් අද හොඳට නටලා තියනවා,දාඩිය වැක්කෙරෙනවා පිට දිගේ

ඔව් අයියේ.. අදනම් හොඳට නැටුවා,කාලෙකින්නෙ මෙහෙම නටන්න හම්බුනේ.

හඳ එලියෙන් පමණක්ම ආලොකමත් වූ විසල් නා ගස යට හමන සිසිල් සුලඟේ ආශ්වාදය විඳින්නට එතැන සිටියේ ඔවුන් දෙදෙනා පමණි.

හංසිගේ සුසුම් මේනකගේ පපුව සීතල කරමින් තප්පර කිහිපයක් ඔහුව නිහඬ කරවන්නට විය.

නිල් පාටින් දිලිසෙන ඇස් හා රතු පාටින් දිලිසෙන ඇගේ තොල් මේනකගේ මුහුණට ලංවූයේ සිය පාදවල ඇඟිලිතුඩු වලින් ඉහළට එස වෙනවාත් සමඟය.

ඇගේ අඩවන් වූ දෙනෙත් වලින් ප්‍රකාශ වූ හැඟීම් වලට මේනක තම දෙතොල් වලින් පිලුතුරු දුන්නේ දිගු සිපගැනීමකිනි.

දහඩියෙන් තෙත් වී තිබූ හංසිගේ සිරුර ක්ෂණයෙන් සීතල වන්නට වුනේ ඒ සිපගනිම්වල පහසින් වන්නට ඇත.

කළුවර රාත්‍රියේ හමනා සීතල සුළඟ මතින් නොනවතින ඔවුන්ගේ සිපගැනීම් පමණක් නොව තදින් වැළඳගත් සිරුරු හා පියවී තිබූ දෙනෙත් යලි අවදිවන්නට වූයේ එක්වරම ඇසුනු DJ සංගීතය නතර වනවාත් සමඟිනි…

ඇස් තවම ආදරෙන්..

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි තිස් හතර වැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ.මේ නවකතාවේ තිස් පස් වැනි කොටස හෙට බලාපොරොත්තුවන්න..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: