hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:02



ඉක්මනින්ම බෝඩිමට ගිය මේනක වොෂ් එකක් දාගන්න ගියෙත් ෆෝන් එක අරගෙන..ඒ හංසි ගෙදර ගිහින් දෙන පණිවිඩය මිස් වෙයි කියල..

මොකද මේ පණිවිඩය මේනකට තීරණාත්මක පණිවිඩයක්..හංසි ගෙදර ගිහින් පණිවිඩයක් දුන්නොත් හංසි මේනකට ඇත්තටම ආදරෙයි කියල මේනක දැනගෙන හිටියා..මේනක වොෂ් එකක් දාගෙන ඉක්මනට බෝඩින් කාමරේ ඇඳේ හාන්සි උනා..

“අයියේ මං ගෙදර ආවා” හංසිගෙන් මැසේජ් එකක් ආවේ එහෙම.මේනකට යවන්න ඕන වුන රිප්ලයි එක මොකක්ද කියලාවත් හිතාගන්න බැරිවුනා..

මේනක එක පාරටම ගත්තෙ කෝල් එකක්. එදා රෑ එළිවෙනකල් දෙන්න ෆෝන් එකේ මහා පාන්දර වෙනකන් “අයියේ ඔයාට නිදිමතද,දැන් ගොඩක් රෑ වෙලා” හංසි මේනකගෙන් ඇහුවා..

“නෑ බබා මට නිදිමත නෑ” මේනක කිව්වා..ඒ වෙලාවේ හංසිගේ කටහඬින් මිදිලා නිදියන්න කොහෙත්ම මේනකට හිත දුන්නේ නෑ..මේ දවස එනකන් මේනක හිටියේ ඇඟිලි ගැන ගැන..

හැමදාම මෙහෙම පැය ගණන් දෙන්න කතාකරන්න පටන් ගත්තා.. හංසි මේනකට හැමදාම කතා කරේ “අයියේ” කියලා.
ඒ මේනක හංසිට වඩා අවුරුදු දෙකකින් වැඩිමල් නිසා.ඒ වගේම මේනක හංසිට වඩා බැජ් දෙකක් සීනියර්.

ඔහොම කතා කර කර දින ගණනක් ගෙවුණා.ඒ ආදරය පුදුම විදිහට මේනකව ජිවත් කළා…හංසිටත් එහෙමයි..හංසිට මේනකව නිතරම දකින්න ඕන වුනා.“අයියේ ඔයා උදේ වැඩට යන්නෙ කීයටද ?”හංසි මේනකව බලන්න තිබ්බ ආසාවට එහෙම ඇහුවා..

“මං 7.30ට බස් එකට නගිනවා නංගී”මේනක ඒ උත්තරය දුන්නේ එහෙම ඇහුවේ අයි කියල අහන්න බැරි කමට..

“හ්ම්ම්,මාත් ඒ වෙලාවට එන්නම්.එතකොට ඔයා යන්න කලින් අපිට හම්බෙන්න පුලුවන්නෙ” හංසි මේනකට එක දවසක් එහෙම කිව්වා..

ඒ විදියට හැමදාම උදේට මේනක බස් එකට නඟින්න කලින් හංසි ආවා මේනකව බලන්න.ඒක පුරුද්දක් වුනා… හැමදාම උදේට හංසිව දකින්න ලැබෙන එක මේනකගෙ දවසම හිතේ සතුටින් වැඩ කරන්න ලොකු හයියක් වුනා.

හංසිට දවල් වෙලා ලෙක්චර්ස් තිබබත් එයා මේනකව නොදැක ඉන්න බැරි නිසාම හැමදාම උදේට එන්න පුරුදු වෙලා හිටියා.

“නංගි මං හෙට නිවාඩු,අපිට පුලවන් නේද හෙට හම්බෙන්න.” මේනක දවසක් හංසිගෙන් එහෙම ඇහුව හැමදාම උදේට හම්බවෙලා කතා කරන පුංචි වෙලාවට අමතරව මේ දෙන්නා එලියෙදි තවම නිදහසේ කතාබහ කරලා නෑ.

“මට උදේ ලෙක්චර්ස්.10න් පස්සෙ නම් පුලුවන්” හංසිත් ඒ උත්තර දුන්නේ හරිම ආදරෙන්..

“හරි මං ඒ වෙලාවට එන්නම්”මේනක කිව්වා..

නුවර පාරේ තියන ලස්සන පොඩි ජූස් බාර් එකක් තමා දෙන්නම ඉසසෙල්ලාම ගියේ..

“නංගි බබා ඔයා මොනාද බොන්නෙ ?” මේනක එහෙම ඇහුවේ හංසිගේ මූන අතගාන ගමන්..

“පපායා…පපායා ජූස්” හංසිට එයාගේ කැමැත්ත කිව්වා.

“සීරියස්ලි,ම්ම්…පපායා ජූස් එකයි ඇවකාඩෝ ජූස් එකයි” මේනක ඕඩර් එක දුන්නා.

හංසි එදා ඇඳන් හිටියේ තද රතුපාට ගවුමක්….එකට හංසි හරිම ලස්සනයි..හංසි ගාවින් ඉඳගන්න ගමන් “ඔය ගවුමට ඔයා හරි ලස්සනයි” මේනක කිව්වා.

“ම්ම්…ලස්සන නම් මොකක්ද අයියේ,මේ ලොකේ කවුරුත් කැත නෑනෙ,හැමෝම ලස්නනයි ” හංසි එක පාරටම එහෙම කිව්වා..

හංසි හිතන පතන විදියට කතාබහ කරන විදියට මේනක ගොඩාක් කැමති වුනා. ඒ නිසාම මේනක දෙවතාවක් නොහිතා හංසිට තමන්ගේ ආදරේ කිව්වා..

“මං ඔයාට ගොඩාක් ආදරෙයි නංගී,අපි තවම කතාබහ කරලා වැඩි දවසක් නෑ,ඒ නිසා ඔයාට එකපාරම මට උත්තරයක් දෙන්න බැරුව ඇති,ඔයා හිතලා බලලා කියන්කෝ” ජූස් බාර් එකෙන් එළියට යද්දී මේනක කිව්වෙ එහෙම….

ඇස් තවම ආදරෙන්…

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි පස්වැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ. හයවැනි කොටස හෙට බලාපොරොත්තුවන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: