hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:02



ජූස් බාර් එකෙන් එළියට ආපු මේනක හංසිගේ අතත් අල්ලන් ⁣කඩවත බස් එකට නැග්ගේ හංසිව ගෙදරට ඇරලවන්න.

රාගමට වෙනකන් ආපු මේනකයි හංසියි බස් එකෙන් බැහැලා ටිකක් දුර ඇවිදගෙන ආවා.

“අයියේ මං මෙතන ඉඳන් තනියම යන්නම්, ⁣ටික දුරයිනෙ, අයියා පරිස්සමට යන්න” හංසි මේනකගේ අත අතඅරින ගමන් එහෙම කිව්වා.

හංසිගේ ගෙදරින් මේ සම්බන්ධය ගැන තවම දන්නේ නැති නිසා මේනකට කවදාවත් රාගමින් එහාට යන්න බැරිව ගියා.

මතක හිටින කාලයක් යනකම් මේනකගේත් හංසිගේත් දින චර්යාව උනේ මේක..

දින සති ගෙවිලා ගියා…..හැමදාම උදේට ⁣දෙන්නම හම්බවෙනවා.සමහර දවස් වලට හවසටත් මේනක වැඩ ඇරිලා එනකන් හංසි නුවර පාරේ බස් හෝල්ට් එකේ ඉන්නවා.

හැමදාම උදේට මේනකට දැන් ඇහැරවන්නේ හංසි..හංසිගෙ කෝල් එක තමයි මේනකගෙ එලාර්ම් එක..

හැමදාම උදේ 5.55ට එන කෝල් එක මේනකටත් නැතුවම බැරිව ගියා..ඒ කෝල් එක තමයි මේනකගේ මුළු දවසම ජීවත් කරන්නේ…

“ගුඩ් මෝනිං අයියා බබා.දැන් නැගිටලා ලෑස්ති වෙන්න”මේ වචන ටිකට මේනක ඇබ්බැහි වුනා..

ඒ විතරක් නෙමෙයි උදේ වැඩට යන්න කලින් හංසිව හමුවීමත් මේනකට නොකර බැරි උනා..හංසිත් එහෙමයි..කවදාවත් හංසි මේනකව උදේට හමු වෙන එක මගහැරගන්න කැමතිවුනෙම නෑ..

හංසි ගොඩාක් ලස්සන ගවුමට…මේනක හැමදාම ඒ සුන්දර රුව දකින්නත් හරිම ආසයි..

මේ විදියට ලස්සනට එන හංසි හැමදාම උදේට පොඩි වෙලාවක් කතා කර කර ඉන්නවා…කැම්පස් එක ළඟ..මේනකගෙ උරහිසට හේත්තු වෙලා උදේට ගතකරන ඒ විනාඩි කිහිපය මේනකට මහමෙරක් වගේ..හංසිත් ඒ මොහොතට හුඟාක් ආදරය කළා..

ඒ බැඳීම් කොච්චර ලෙන්ගතු වුනත් හංසි තවම මේනකට ආදරේ කියලා කටින් කියල තිබ්බේ නෑ..කොච්චර කතාබහ කලත් මේනකගේ හදවතේ ඒ ප්‍රශ්නය කැකෑරෙමින් තිබුණා..ඉවසල බැරිම තැන මේනක හංසිගෙන් ඒ ගැන ඇහුවා..

හිත රිදෙන්න නෙමෙයි…හරිම ආදරණිය විදිහට..

“නංගි ඔයා හැමදාම මාව උදේට මාව බලන්න එනවා,මාත් එක්ක හැමදාම කතා කරනවා,මං දන්නවා ඔයා මට ගොඩාක් ආදරෙයි කියලා,ඒක මට ඔයාගේ වචනවලින්ම අහන්න ඕනා…ඇයි ඔයා මට ආදරේයි කියලා කියන්නෙ නැත්තේ”මේනක හංසිව ඇහුවේ හංසි මේනකට ආදරෙයි කියල එයාගේ කටින්ම අහගන්න තිබ්බ හදිස්සියට…

ඒකට මේනකට හමුවුනේ හරිම ආදරණිය උත්තරයක් මේනක කවදාවත් හංසිගෙන් එහෙම උත්තරයක් බලාපොරොත්තු උනේ නෑ..

” ජීවිතේ සමහර දේවල් කටින් කියනවටා වඩා හදවතට දැනෙනකොට හරි ලස්සනයි නේද අයියේ.”

ඇත්තටම ජීවිතේ සමහර දේවල් මිනිස්සුන්ගෙ හදවතට විතරක් දැනෙන තරමට ඒ හැඟීම ගොඩාක් ලස්සන වෙනවා.මිනිස්සු ඒ දැනෙන හැඟීම් ඇතුලේ ජීවත් වෙන්නෙ හරිම ආසාවෙන්. වචන වලින් නොකිව්⁣වත් ඇස් වලින් කියන දේවල් මිනිස්සුන්නෙ හිත්වල සදා නොමියෙන ලෙස රැඳිලා තියනවා.

ආදරේ කියන්නෙත් ඒ වගේ දෙයක්.ආදරෙයි කියලා දැනෙන්න ඒක ප්‍රකාශ කරන්නම ඕනද? හංසි හිතුවෙ එහෙම. හංසිට ඕනා වුනේ එයාගේ ආදරේ මේනකට දැනෙන්න අරින්න.ඒ ආදරේ ඇතුලේ මේනකව ජීවත් කරවන්න.ඒ නිසා හංසි ඒ ආදරේ ප්‍රකාශ කරන්න ඒ තරම් හදිසි වුනෙ නෑ.

ඇස් තවම ආදරෙන්…

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි හයවැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ. හත්වැනි කොටස හෙට බලාපොරොත්තුවන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: