hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:01



මිනිස්සු ජීවත් වෙන්නෙ එක එක හීනවල.මිනිස්සුන්ව ජීවත් කරවන්නෙත් ඒ හීනම තමයි..

මේනක දැන් ජීවත්වෙන්නෙත් එහෙම හීනයක් එක්ක…

මේනක හීන දකින්නෙ තනියම නෙමෙයි.ඒ හැම හීනෙම හංසි ජීවත් වුනා.මේනක දැන් ඉස්සරට වඩා වෙනස්…

වෙනදා ඔෆිස් යන්න තිබ්බ කම්මැලි කම දැන් මේනකට කොහෙත්ම නෑ…

ඒ හැම දේකටම හේතුව වුනේ හංසි.කාලයක් තිස්සෙ තනියම හැමදෙයක්ම දරාගත්තු මේනකට දැන් දුක සැප බෙදාගන්න හංසි ඉන්නවා…

මේනකගේ ඔෆිස් එකේ යාලුවොත් දැන් හංසි ගැන දන්නවා.ඒක මේනකට හංගාගෙන ඉන්න බැරි උනා.වෙනදා ඔෆිස් අපුහාම ෆෝන් එක ඔහේ මේස උඩ තියාගෙන ඉන්න මේනක දැන් දැන් නිතරම ෆෝන් එක දිහා බලනවා..හංසි එවන මැසේජස් කියවද්දී මේනකගේ මුණේ කොයි වෙලෙත් තිබ්බේ හරිම ආදරණිය හැඟීමක්…

ඒ නිසා තවදුරටත් ඒ රහස ඔෆිස් එකේ කට්ටියට හංගාගෙන ඉන්න මේනකට බැරි උනා..

“ෂා ලස්සන ලමයෙක්නෙ.ඔයාට නම් මාර මැචින් මෙයාව.” ගොඩාක් අය හංසිගේ ෆොටෝස් දැක්කට පස්සේ මේනකට කිව්වෙ එහෙම…

ඇත්තටම මේනකට ඒ වෙලාවේ පුංචි ආඩම්බරේකුත් ආවේ ඇඟට පතට නොදැනීමයි
ඒ අස්සේ ලොකු සතුටකුත් නොදැනුනාම නොවේ.
ඒ නිසාම මේනක හංසිට හදවතින්ම ආදරේ කලා…

හංසි නිසා මේනකගේ ලෝකේ හරිම වෙනස් උනා..අඳින පළදින විදිය..ගමන් බිමන් හංසිගේ කැමැත්ත සහ එයාට උවමනා විදියට කරන්න මේනක පුරුදු උනා.. හංසිත් එහෙමයි…මේනකගේ ආදරේ හංසිත් විඳින්න පටන් ගත්තා..

හැබැයි කොයිම වෙලාවකවත් අනවශ්‍ය විදියට මේනක හංසිට සිමා දාන්න ගියේ නෑ..

මේ මොනදේ කොහොම උනත් හංසි මේනකට තවම ආදරෙයි කියලා නෑ නමුත් හංසි ඉන්නෙ සතුටින් කියලා මේනක දැන් දන්නවා…

“අයියේ, හංසි නම් අයියා ගැනමයි කියවන්නේ.කන්න ගියත්,පාඩම් කරන්න ගියත් කතාව ඉවරවෙන්නෙ අයියාගෙන්’හංසිගේ යාලුවෝ මෙනකට නිතරම එහෙම කියද්දී හංසිගේ කටින් හංසි ආදරෙයි කියල නොකිව්වත් හංසිගේ නිහඬ පිළිතුර මේනක හිතාගත්තා.

ඒ් අතරෙදි මේනකට පිළිතුරු නැති ප්‍රශ්න වලටත් උත්තර හොයන්න සිද්ද වුනා…

මේ ලෝකෙ හැම මනුස්සයෙක්ම එකවගේ නෑ.හැමෝම හිතන්නෙ පතන්නෙ වෙනස් විදියට.මේනකගෙ සමහර යාලුවොත් හංසිගේ මේ බැඳීම ගැන හිතුවෙ මේනක නොහිතපු විදියට…

“ඒ ළමයා තවම ආදරෙයි කියලා කිව්වෙ නැද්ද?ඔයත් එක්ක උදේ හවස කතාබහ කරපු පලියට දවස ගානේ හම්බුන පලියට ඔයා කොහොමද කියන්නේ ඒ ළමයා ඔයාට කැමතියි කියලා ?

“යාළුවො මන්තරයක් වගේ මේනක එක්ක මේ ගැන මතුරන්න පටන් ගත්තා…

යාළුවො නිතර නිතර එහෙම වද දෙනකොට මේනකට පොඩි කේන්තියකුත් ආවා..

එතකොට තමයි මේනකට හිතුණේ මොනවගේ බැඳීමක් වුනත් රහසක් විදියටම තියනවනම් හොඳයි කියලා.ඒ මොනවා වුනත් මේනකගේ හිතේ හංසි ගැන තිබුන විශ්වසාය බිඳින්න මේ ප්‍රශ්න එතරම් ප්‍රබල වුනෙ නෑ…

ඇස් තවම ආදරෙන්

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි හත්වැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ. මේ නවකතාවේ අටවැනි කොටස හෙට බලාපොරොත්තුවන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: