hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 11:12



ගමේ වෙල් ඉපනැල්ලේ දුවල පැනල නිදහසේ හිටපු මේනකට නගරක් මැද්දේ තියන කැම්පස් ජිවිතේ හරි කටුකයි. අම්මලා තාත්තලා අමාරුවෙන් උගන්නපු හින්දා කොහොම හරි මේ ගේම් එක ගහන්නම වෙනවා කියලා මේනක තදින්ම හිතුවා.

කැම්පස් ආපු ගමන් කොක්කක් ඉන්නම ඕන කියන මානසිකත්වයක් මේනකට තිබුණේ නෑ. ඒත් ජීවිතේ ගොඩනැගෙන්න ආදරණීය හදවතක් ඕන කියලා හිතුවා. දින සති ගණන් ගෙවිලා ගියා. ආවට ගියාට ගෑණු හොයලා හරියන්නේ නෑ ආදරය කරන්න හොඳ හදවතක් තියෙන්න ඕනෑ.

මේනක හිතුවේ එහෙමයි. එහෙම හිතාගෙන දවසක් පාඩම් කරලා මහන්සියට ෆෝන් එක අරගෙන ෆේස්බුක් එකේ උඩට පහලට යනකොට එක පාරටම ලස්සන මුණක් දැක්ක, බලපුහම කැම්පස් එකේ නංගි කෙනෙක්.

ලියෝ ක්ලබ් එකේ ඔන්ලයින් අවුරුදු කුමාරිට තේරිලා සුභ පැතුම් වටෙන්ම. මේනක පොඩ්ඩක් මේ ෆොටෝ එක ගැන හොයන්න පටන් ගත්ත එකෙන්ම හිතට වැදුන නිසා වැඩිපුර හෙව්වා. එක පාරටම කතා කරන්නත් හිතේ එඩිතර ගතියක් ඒ වෙලාවේ මේනකට තිබුණේ නෑ.

“මල්ලි මේ කවුද බං..මේකි කොහෙද”මේනක යාළුවෙක්ගෙන් ඇහුවා.

”අපේ බැජ් එකේ කෙල්ලෙක් අයියේ මොකක්ද සීන් එක”යාලුවත් බොහොම උනන්දුවෙන් මේනකගෙන් ඇහුවේ
මේනකට හිතේ පොඩි ස්ථිරත්වයක් තිබුණා යාළුවා උදව් කරයි කියලා.

කවදාවත් කතා නොකලත් මේනකට දැන් හිතේ පොඩි හැඟීමක් ඇතිවෙලා ආත්මීය බැඳීමක් වගේ අලුත් ජිවිතයක් පටන් ගන්න මේනක කල්පනා කළා.

කොළඹ ඇවිත් ගෙදරට විතරක් කතාකරල අම්මා ගැන විතරක් හොයල බැලුව මේනක දැන් මේ ආදරය ගැනත් එදා ඉඳල හැමදාම හොයනවා එයාට නොදැනෙන්න. දින සති ගණන් ගෙවුණා. ඒත් මේනකට තමන්ගේ හිතේ තියන ආදරය නං කියාගන්න අවස්ථාවක් ලැබුණේ නෑ.

“මෙයා මට කැමතිවෙයිද..මම දුවන්නේ මිරිගුවක් පස්සෙද?” මේනකගේ හිත වද දෙන වාර අනන්තයි.

කොහොමහරි මගේ ආදරය කියන්න ඕන කියලා හිතාගෙන ඒ ආදරය තනියම හිතේ තියාගෙන මේනක කැම්පස් වැඩ ටිකත් ඒ ජවයෙන්ම කරගෙන ගියා. ඔහොම ටික දවසක් ඉන්නකොට මේනකට ආරංචි උනා මේ ළමයා රට ගිහිල්ලා කියලා කැම්පස් එකේම වැඩකට.

රට ගියාම යාළුවෝ එහෙමත් ළඟ පාත නෑනේ. මේක තමයි මගේ ආදරය කියන්න හොඳම වෙලාව කියලා මේනක කල්පනා කළා. ඔය අතර වාරේ මේනකගේ යාලුවෝ කිහිප දෙනෙක් මේ ළමයාට මේනක ගැන තෙලකුත් බෙදලා තිබුණා.

මාසයක් විතර ෆොටෝ වලට ලයික් දාලා ඉන්නකොට කෙල්ලගේ උපන්දිනෙත් ඇවිල්ලා.

ඕන එකක් වෙන්න කියලා හිතාගෙන මේනක සුභ උපන්දිනයක් කියල දැම්මා. ඒ විතරක් නම් මදැයි හාර්ට් එකකුත් දැම්මා. දැන් මේක කෙල්ල බලනකම් මේනකගේ පපුව හොඳටම ගැහෙනවා. මොන වගේ උතරයක් එයිද කියල ඊට වැඩියෙන් බයයි.

බල බලා ඉන්නකොට උත්තරය ආවා. මේනක ඉක්මනට ෆෝන් එක බැලුවේ බලාපොරොත්තු මහා ගොඩක් හිතේ තියාගෙන. මෙච්චර කල් තමන් විතරක් හිතේ තදකරගෙන හිටිය ආදරේ අද කෙල්ලත් දැනගත්තා කියලා මේනක හිතුවා.

“මේ කවුද මේ” මේනකට හම්බුනේ ඒ වගේ උත්තරයක්. මුළු ලෝකෙම කඩාගෙන වැටුණා කියලා හැඟීමක් මේනකට ආවේ. එක පාරම ෆෝන් එක කොට්ටේ අස්සේ හංගලා මේනක බෝඩින් කාමරේ ඇඳට හේත්තු වෙලා කල්පනා කරන්න පටන් ගත්තා.

ගම්මානයක ඉපිද ගැමි සුවඳ විඳ විශ්වවිද්‍යාල ජීවිතයක් ලබපු තරුණයෙක් ඔහුගේ දුක් කම් කටළු මැදින් ගෙවපු ආදරණීය ආදර කතාවක් අද සිට “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් ඔබට දිග හැරෙනවා. එහි පළමු කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: