hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 16, ප.ව. 2:00



සෑම ආගමික නිර්මාතෘවරයෙක්ම දේශනා කළ දර්ශනය තමයි අවිහිංසාවාදය කියන්නේ.

හැබැයි වර්තමාන ලෝකයේ සෑම දර්ශනයක්ම විකෘති කර දේශනා කිරීම නිසාම ආගමික අන්තවාදීන් බිහි වෙනවා.එවැනි අන්තවාදීන් නිසා සිදුවන විශාල අපරාධ නිසා තවමත් ලෝ වැසියා පීඩා විඳිනවා.මේ කියන්න යන්නේ එවන් අන්තවාදියකු නිසා ඇති වුණ ඛේදවාචකයක් ගැන.

ඊයේ (15) ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර වෙක්ලිහි දේවස්ථානයක බිෂොප්වරයෙකුට සහ පූජකයෙකු ඇතුළු තවත් දෙදෙනෙකුට පිහි ප්‍රහාරය එල්ල කිරීම ත්‍රස්ත ක්‍රියාවක් බවයි ඔස්ට්‍රෙලියානු පොලිසිය පවසන්නේ.

සිඩ්නිහි බටහිර උපනගරය වන වේක්ලි හි ක්‍රයිස්ට් ද ගුඩ් ෂෙපර්ඩ් දේවස්ථානයේ දේව මෙහෙයේ යෙදී සිටි මාරි මාරි එම්මානුවෙල් බිෂොප්වරයා ඉලක්ක කරගෙන එල්ල වූ මෙම පිහි ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු පොලිසිය සඳහන් කරන්නේ, සියලු කරුණු අධ්‍යනය කිරීමෙන් අනතුරුව එළඹෙන නිගමනය නම් එය ආගමික අන්තවාදය මුල්කරගත් ක්‍රියාවක් බවයි.

කෙසේ නමුත් එම අවස්ථාවේ ම සැකකරු අත්අඩංගුවට ගැනුණු අතර මුලින් ඔහු 15 හැවිරිදි අයෙක් යැයි සඳහන් වුවත් නිව් සවුත් වේල්ස් පොලිසිය සඳහන් කරන්නේ, සැකකරු 16 හැවිරිදි අයෙක් බවයි.

මෙම පිහි ප්‍රහාර වැලැක්වීමට උත්සහ කළ 53 හැවිරිදි පුද්ගලයෙකුගේ හිසට කැපුම් තුවාල සිදුවී ඇති අතර, ඔහු මෙන් ම ඊට මැදිහත්වීමට උත්සාහ දැරූ 39 හැවිරිදි පුද්ගලයෙකුගේ ද උරහිසට කැපුම් තුවාල සිදුව ඇති බවත්, ඔවුන් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පවසනවා.

මේ අතර ප්‍රකාශයක් නිකුත් කරමින් ක්‍රයිස්ට් ද ගුඩ් ෂෙපර්ඩ් දේවස්ථානය කියා සිටියේ, බිෂොප් එමානුවෙල්ගේ හිසට සහ ශරීරයට පහර කිහිපයක් වැදී ඇති බවත්, පල්ලියේ පූජක අයිසැක් රොයෙල් පියතුමා ද තුවාල ලබා ඇති බවයි.

තව ද සී එන් එන් පුවත් සේවය වාර්තා කරන්නේ, පිහිපහර වැදී තුවාල ලද බිෂොප්වරයා ලේ ගලමින් සිටියදී, “ඔහු ඔහුට පිහියෙන් ඇන පුද්ගලයා මත අත තබා, ‘ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබව ගළවාගනිත්වා’ වැනි දෙයක් කීවේය,” යනුවෙන් බටහිර සිඩ්නි හි උප නගරයක් වන ෆෙයාර්ෆීල්ඩ් සිටි හි නියෝජ්‍ය නගරාධිපති චාර්බෙල් සාලිබා සාක්ෂිකරුවෙකු උපුටා දක්වමින් පැවසූ බවයි





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: