2022 නොවැම්‍බර් 23, ප.ව. 4:13
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මදුරා නගරයේ අධිවේගී මාර්ගයක් අසල දමා ගොස් තිබූ සංචාරක ගමන් මල්ලක තිබි තරුණියකගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.
ඉන්දීය පොලිසිය ප්‍රකාශ කරන්නේ ඇගේ ඝාතනය සම්බන්ධයෙන් තරුණියගේ පියා වන නිතේෂ් කුමාර් යදම් හා මව බ්‍රාජ්බාලා අත්අඩංගුවට ගෙන සිටින බවයි.
ඔවුන් දෙදෙනා දියණිය ඝාතනය කොට සිරුර පොලිතින්වලින් ඔතා ගමන් බෑගයට දමන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.
පසුව එය අධිවේගී මාර්ගය අසලට ගෙනිවිත් දමන්නට ඇති බව පොලිසියේ අනුමානයයි.
මේ සම්බන්ධනේ යදම් හෝ බ්‍රාජ්බාලි කිසිදු ප්‍රකාශයක් කර නැත.
නමුත් ඔවුන් එම සිද්ධිය සලකන්නේ ‘ශුද්ධ වූ ඝාතනයක්’ ලෙසයි.
පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇති ආකාරයට 22 හැවිරිදි ආයුෂි චෞද්රි නම් මෙම තරුණිය දිල්ලියේ පෞද්ගලික පාසලක ශිෂ්‍යාවක්.
ඇය වෙනත් කුලයක පුද්ගලයකු සමග විවාහවීම නිසා පසුගිය 11 වැනිදා ඇගේ මාපියන් සමග ගැටුමක් සිදුවී තිබෙනවා.
පසුව ඔවුන් ආයුෂි ඝාතනය කොට එදින රාත්‍රියේම ගමන් බෑගයට දමා මදුරාහි යමුනා අධිවේගි මාර්ගය අසලට ගෙනවිත් දමා ඇති බව මූලික විමර්ශණවලදී හෙළිවී තිබෙනවා.
2025 පෙබරවාරි 17, පෙ.ව. 12:28
2025 පෙබරවාරි 16, පෙ.ව. 12:08
2025 පෙබරවාරි 15, පෙ.ව. 12:33
2025 පෙබරවාරි 14, පෙ.ව. 12:08
2025 පෙබරවාරි 13, පෙ.ව. 12:12
17-02-25
17-02-25
17-02-25
17-02-25
16-02-25
16-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
14-02-25
14-02-25
14-02-25
14-02-25
14-02-25
14-02-25