2026 අප්‍රේල් 20, පෙ.ව. 12:07
අපේ රටේ කලා ලෝකයේ හාස්‍ය රජදහනේ අමතක නොවන චරිත දෙකක් තමයි බන්දු සමරසිංහ සහ බිංදු කියන්නේ.
පසුගිය කාලය පුරාවටම මේ දෙන්නා අතර යම් යම් මතභේද සහ සිත් රිදවීම් තිබුණත් මේ අවුරුදු සමයේ හැමෝම පුදුම කරවන, හිතට ලොකු සතුටක් ගෙන දෙන හුමුවිමක් වුණා…
කාලයක් තිබුණු ප්‍රශ්න, හිතේ තිබුණු පරණ කතා ඔක්කොම අමතක කරලා දාලා මේ අලුත් අවුරුද්දේ බන්දු සමරසිංහයන්ව බලන්න බිංදු ගිහින් තිබුණා.ඉතින් මේ ගැන බින්දු තමාගේ මුහුණු පොත හරහා වීඩියෝ පටයකින් අදහස් දැක්කුවා….
“ආයුබෝවන් මගේ යාලුවනේ…රසික රසිකවියනේ මන් මේ සුබම සුබ ආරංචියක් කියන්නයි යන්නේ…කියන්න දෙයක් නැ …ඔයාල දැනටමත් දන්නවා ඉතින්.ඊයේ දවස මගේ සතුටුම දවසක්…බන්දු සමරසිංහ මහත්තයා කියලා කියන්නේ මම මේ ක්ෂේත්‍රයට එන්න කලින් ඉදලම මගේ කින්ග්. ප්‍රශ්න වුණා තමයි,ඒවා වැඩක් නෑ ..
ඉතින් ඊයේ කාංචන සමරසිංහ ඒ කියන්නේ බන්දු මහත්තයාගේ පුතා මට කෝල් කරලා මාව හම්බවෙලා මාව මගේ රජා ගාවට එක්කගෙන ගියා.. බන්දු මහත්තයා ගාවට, ඉතින් ගොඩක් පිං, කාංචන මල්ලිට ඒ දේ හිතිලා කරාට…
මම හරි සන්තෝෂ වුණා….මගේ ජිවිතේ ගොඩක්ම සතුටු වුණ දවසක් තමයි ඊයේ දවස,මම ඇත්තටම යන්න බයෙන් හිටියේ…ගොඩක් අය ඒ කාලේ මට කිව්වා ටිකක් අමාරු කාරයෙක්, උබ යන්න එපා උබට ගහලා එළවයි… එහෙමයි මෙහෙමයි කියලා කිව්වා…ඔය නඩු දැම්මට පස්සේ මම තවත් යන්න බය වුණා….
ඉතින් ඒ බය හන්දම මම ගියේ නෑ… බොරු කියන්න ඕන නෑ නේ….
කොහොම වුණත් බන්දු මහත්තයා කියන්නේ හොඳ කෙනෙක්, ඉතින් මං වෙනුවෙන් පෙනී හිටපු අය ,කතා කරපු අය හැමෝටම හදවතින්ම ස්තුති…ඒ වගේම බන්දු මහත්තයා එක්ක තියෙන හිත් අමනාපකම් ,මේ නඩු මේ දේවල් නිසා බන්දු මහත්තයා ගැන මොකක් හරි, ඔයාලගේ හිතේ ඇති වුණා නම් එක මෙතනින් නවත්තමු.
බන්දු මහත්තයාට කලින් ආදරය කරා වගේ ආදරය කරන්න.එක මගේ නිහතමානී ඉල්ලීමක්! බන්දු මහත්තයාගේ පුතාටත් ගොඩක් පින් ,මාව ඔයාගේ තාත්තා ළඟට එක්කගෙන ගියාට…
හැමෝටම ආදරරෙයි ,දෙවි පිහිටයි…මට හරි සතුටුයි යකෝ ……”
ඔහු මේ වීඩියෝ පටයේ අවසානයේ බන්දු මහත්තයාට සැලුට් කරන්නත් අමතක කළේ නෑ…..විශේෂම දේ තමයි ඔහු රසික රසිකාවියන්ට අත් දෙකෙන්ම සැලුට් කරනවා…
2026 අප්‍රේල් 21, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 21, පෙ.ව. 12:08
2026 අප්‍රේල් 20, පෙ.ව. 12:04
2026 අප්‍රේල් 19, ප.ව. 2:00
2026 අප්‍රේල් 19, පෙ.ව. 12:13
21-04-26
21-04-26
21-04-26
21-04-26
21-04-26
21-04-26
21-04-26
21-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
19-04-26
19-04-26
19-04-26
19-04-26
18-04-26
18-04-26