hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 ජනවාරි 28, ප.ව. 2:58



කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මාතෘකා ඉස්මතු වෙනවා.

මේ කියන්න යන්නෙත් එවැනිම කතාවක් ගැනයි.

දැන් නැවත වතාවක් එවැනිම වූ භික්ෂුවක් ගැන තොරතුරු අනාවරණයක් සිදුවනවා.

බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම චීවරධාරියා සිය පවුලේ පිරිස් සමඟ (බිරිඳ, දරුවෙක් සහ දැරියක් ද සමඟ…) ‘සිඟා කමින්’ සිට ඇති බැව් හෙළි වී තිබෙනවා.

නාරම්මල ප්‍රදේශයේ පෙදරේරුවෙක් ලෙස සේවය කරන මොහු ගැන පසුගිය දිනෙක බලංගොඩ කස්සප හිමි විසින් හෙළිදරවු කර තිබුණා.

‘කොණ්ඩෙ වවාගෙන බුදු හාමුදුරුවෝ වගේ යනවා… මේ පවුලේ අම්මා පුතා දරුවෝ තමා යන්නෙ… ගල්හේන ප්‍රදේශයේ පවුලක්… අපිට ඒ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ සම්බන්ධ කරගත්තා… උන්වහන්සේ අපි කියපු දේ තමයි, මේ පුද්ගලයා විවිධ වැරදි මත සමාජගත කරනවා….භික්ෂූන්ට දන් දෙන්න එපාලූ… අටපිරිකර පූජා කරන්න එපා, අපාගත වෙනවා කියනවා. රට වටෙන්ම මොහු සම්බන්ධයෙන් තොරතුරු අපිට ලැබුණා. මේ විදිහට ශාන්ත ස්වරූපයෙන් ගියාට ආරණ්‍යය ඇතුළේ එහෙම නැහැ….’

‘මොහු පෙදරේරුවෙක්… මොහුගේ තාත්තා මිය පරලොව යනවා. බිරිඳ මොහුව අත්හැර යනවා ජීවත් වෙන්න බෑ කියලා. පස්සෙ තමයි මොහු සිවුරු පොරව ගන්නෙ.. මෙහෙණියට නම් හැඳුනුම්පතක් තියනවා. මොහු මේ දරුවන්ව කෲරත්වයට පත් කරනවා…මේ දරුවෝ බස් එකකවත් යන් නෑ. පයින්මයි යන්නෙ. දරුවන්ට නිසි අධ්‍යාපනයක් නෑ…..මොහුගේ ඉලක්කය, මොහු වගේම 100ක් හදාගන්න එක. මොහු අනුගමනය කරන පිරිස් මට තර්ජනය කරලත් තියනවා… අපි අදාළ බලධාරින් දැනුවත් කළා…’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: