hit counter

2024 දෙසැම්‍බර් මස 06 වන සිකුරාදා

2024 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:02



කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ගොඩනැගිල්ලෙන් ඇදවැටී මියගිය සිසුවා අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවට අනාවරණය වී තිබෙනවා.

22 වනදා රාත්‍රියේ සිසුවෙකුගේ උපන්දිනයක් වෙනුවෙන් ඔවුන් මත්පැන් සාදයක් පවත්වා ඇති අතර ඇද වැටුණු සිසුවා අධික ලෙස මත් වී සිට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා ඇති වූ තත්ත්වයක් උඩ නේවාසිකාගාර කාමරයේ ජනේලයෙන් පිටතට ඇද වැටී මෙම අනතුර සිදු වන්නට ඇති බවට විශ්වාස කරන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

සිදුවීම වූ කාමරය මහෙස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂා කිරීමට නියමිත බවත්, රජයේ රස පරීක්ෂකවරයා හා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාත් මේ වනවිට අදාළ ස්ථානයට කැඳවා ඇති බව ද නිහාල් තල්දූව මහතා පැවසුවා.

කෙසේවෙතත් මෙය සියදිවි නසා ගැනීමක්ද යන්න සම්බන්ධයෙන් වඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මෙලෙස නේවාසිකාගාරයේ සිව් වන මහළින් ඇඳ වැටී මියගොස් ඇත්තේ, කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමණාකරන අධ්‍යයන පීඨයේ ගණකාධිකරණ අධ්‍යන අංශයේ, සිව්වන වසරේ සිසුවෙක් වන ප්‍රින්ස් රාජු බණ්ඩාර නොහොත් සැන්ඩා යන අනුවර්ත නාමයෙන් සරසවිය තුළ හඳුන්වනු ලබන සිසුවෙක්.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: