hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 24, පෙ.ව. 12:04



ජනප්‍රිය ගායක චාමර වීරසිංහ රෝගී තත්වයෙන් තවමත් සිටින්නේ රෝහල්ගතව.

ඉතින් ඔහුට ආදරය කරන පිරිස ක්ෂේත්‍රයේ සහ ඉන් පිටත විශාල රසික රසිකාවියන් ප්‍රමාණයක් ඉන්නවා.

කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන්නෙත් අන්න ඒ වගේ චාමරගේ රසිකයෙක්.

මේ ඔහු ගැන කසුන් තැබූ සටහනක්.

මට තාම මතකයි ඉන්ටර්වල් එකට ගෙදරින් කන්න දෙන සල්ලි එකතු කරල සිතින් විතරක්පීස්සෙක අරං පරිස්සමට ආයෙ ආයෙ ආයෙ ආයෙ අහපු හැටි.

මට තාම මතකයි ඔයා ගයපු ඔක්කොමත් හරි ළෙන්ගතුකම නෙතඟ තියාගීතයට මං තාමත් ආස හැටි.

මට තාම මතකයි මං කොළඹ කැම්පස් එකයි ආදරෙයිගැන ලියපු ගීයක් ඔයාට දෙන්න පරිස්සමට තාමත් මගෙ නොගැයූගීත ගොන්නෙ තියං ඉන්න හැටි.

මට තාම මතකයි මං ලියපු සූර්‍යා ගයන මගේනේසිංදුව අහල ඔයා ඒ ගැන වර්ණනා කරපු හැටි.

මට තාම මතකයි ඔයාගෙ පුංචි ශරීර කූඩුව ඇතුළෙ ඉන්න මහවිසාල මනුස්සයා ඇස්වලින් ජීවිත කියවන හැටි.

ඉක්මනින් නැගිටින්න , ගයන්න , හිනාවෙන්න , බදාගන්න , සැට්වෙන්න ළයාදර චාලි අයියෙ ! ඔයාට ඉක්මන් සුව ලැබේවා !!

කසුන් මල්ලි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: